මේ කතාව ඇහෙන්නේ රජරට පළාතේ දුෂ්කර ගම්මානයකිනි. සූදුවට නොහොත් ‘බූරුවා ගැසීමට’ ඇබ්බැහි වී සිටි අවිවාහක මිතුරෙක් සමඟ විවාහක මිතුරෙක් අඹ යහළුවන් වී සිටියහ. ඔවුන් දෙදෙනා ජීවත්වූයේ ගම් දෙකකය. ඔවුන් කෑවේත් බිව්වේත්, ගමන් බිමන් ගියේත් එකටමය. එපමණක් ද නොව, බූරුවා ගැසුවේත් එකටමය. මේ ගජමිතුරන් දෙදෙනා එදින රාත්‍රියේ පැමිණ සිටියේ විවාහක මිතුරාගේ ගමේ පැවැත් වූ බූරුපොළටය. අවිවාහකයා සූදු පොළේ දී නහුතෙටම පරාද විය. විවාහක මිතුරාට කුට්ටම ජයටම කැපෙමින් තිබුණි. පරාජිත මිතුරා නිදිකිරා වැටෙන අයුරු දුටු විවාහක මිතුරා, Òඋඹ අපේ ගෙදර ගිහින් නිදාගනිං. මං වටයක් දෙකක් ගහලා එන්නම්Ó යැයි කීවේය.
බූරු පරාජයෙන් කුජීත වී සිටි මිතුරා තම මිතුරාගේ උපදෙස් පරිදි ඔහුගේ ගෙදරට ගියේය.
මිතුරාගේ රූමත් බිරිය පිල උඩ පැදුරක් වියමින් සිටියාය. හිස බිමට පහත් කරගෙන පැදුරු වියන ඉරියව්වෙන්ම ඇය මෙසේ කීවාය.Óආං, කුස්සියේ අඩි වළඳට බත් බෙදලා ඇති. කාලා බුදියගනින්. මම මේ ටික වියලම එන්නංÓ.
Òදෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා. යටි සිතින් සතුටු වෙමින් බූරු පරාජිත මිතුරා අඩියට දෙකට කුස්සියට රිංගා අඩි වළඳට බෙදා තිබූ බත්, කටට දෙකට ගිල දමා, ඇඳට පැන රෙද්ද ඔළුවේ සිට පොරවාගෙන බොරු නින්දක් මවා පෑවේය.
පැදුර වියා අහවර කළ බිරිය, කාමරයේ දොර සමීපයට පැමිණ, කාමරයේ විදුලිය නිවා දමා ඇය ද හරි බරි ගැහී ඇද උඩ ඇලුවුණාය. ඒ සිටින්නේ තමන්ගේ සැමියා නොවන බව ඇය දැනගෙන සිටියේ නැත.
ස්වල්ප මොහොතකින් බූරු පොළේ සිටි මිතුරා පැමිණ තම බිරියට දොර අරින ලෙස අඬ ගැසීය. ඒ ඇහෙන්නේ තම සැමියාගේ කටහඬ නොවේදැයි ඇයට ඇසිණි. ඉහමොළ රත්වුණු බිරිඳ නිදි යහනින් නැඟිට්ටා නොව විසිවුණාය.
ඒ සමඟම ඇඳේ සිටි පුද්ගලයා මුළු කුස්සියම පෙරළාගෙන පස්සා දොරෙන් පැන දුවනු ඈ අඩ අඳුරේ දුටුවාය. සැමියා සිදුවුණු දේ විමසන්නටත් පෙර, බිරිය සියල්ල මුල සිට අගට හඬමින් පැවසුවාය. එය සාවධානව අසා සිටි සැමියා Òහා හා දැන් ඔය ඇති. බූරුවා ගහලා ලක්ෂ ගාණක් දිනුවත්, මං තරම් බූරුවෙක් තවත් නෑ. මින් මනත කිසිම දවසක ආයේ සූදු කෙළින්න යන්නේ නෑ. මගේ සූදු කෙළිය නිසා සිදු වුණු ÒකෙළියÓ හොඳටෝම ඇති. මේක උඹත් කාටවත්ම කියන්න කාරි නෑ මගේ මැණිකේ, යැයි විවාහක මිතුරා පැවසුවත්, බූරු පරාජයෙන් පසුව චපල මිතුරාට පෑදුණු ඉල්ලම පිළිබඳ රහස රැක ගැනීමට චපල මිතුරාගේ ඇට නැති දිවට හැකියාවක් තිබී නැතැයි දැනගන්න ලැබුණේ ගම් පළාතේම කටකාර පුද්ගලයන් නිසාය. ‘‘කොහොමද බූරුවා“ ඔහු දුටු දුටු තැන මුළු ගමේම එවදන් අසන්න ලැබුණේ එහෙයිනි.
කැබිතිගොල්ලෑව විශේෂ-හේමන්ත රණසූරිය