Home » ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

by yasara
March 7, 2025 10:28 am 0 comment

ඇල්පිටිය දෙමටගහකන්ද නවඳගල ප්‍රදේශයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙයි.

වයස අවුරුදු 42 ක් වන මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ පසුගිය මස 14 වනදා ඇල්පිටිය පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

ඔහුගේ සිරුර දෙමටගහකන්ද ප්‍රදේශයේ ඉඩමක පාලු ළිඳකට දමා පස්වලින් වසා දමා තිබියදීයී සොයා ගෙන ඇත.

ළිඳ පිහිටි ඉඩමේ හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වුණේ වනසතුන් දඩයම් කිරීමට අදිනලද විදුලි රැහනක ගැටී මෙම පුද්ගලයා මිය ගිය බවයි.

ඔහුගේ සිරුර මෙසේ පාලු ළිඳකට දමා පස්වලින් වසා දැමූ බව ඉඩමේ හිමිකරු කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT