Home » වෛද්‍යවරුන් 50,000ක් මේ වන විට විදෙස්ගත වීමේ අපේක්ෂාවෙන් සිටිනවා

වෛද්‍යවරුන් 50,000ක් මේ වන විට විදෙස්ගත වීමේ අපේක්ෂාවෙන් සිටිනවා

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

රට තුළ ඇතිවූ විවිධ තත්ත්වයන් හමුවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ විශාල පිරිසක් මේ වනවිට විදෙස්ගතව ඇති බවත් තවත් වෛද්‍යවරුන් පන්දහසක් විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ 2025 වසර සඳහා වන අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු සෑම අංශයක් තුළම සිදුවන බුද්ධි ගලනය වළක්වා ගැනීමට ආණ්ඩුව මැදිහත් වී අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය මෙන්ම එම ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ද රඳවා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුව සියලුම කාණ්ඩවල වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනා සඳහා පැයකට ගෙවන අගය 1/80 සිට 1/120 දක්වා අඩු කර තිබෙනවා. නිවාඩු දින සහ ඉරිදා දින රාජකාරී කිරීමේ දීමනාව 1/20 සිට 1/30 දක්වා අඩු කර ඇති බවයි.

හෙද ක්ෂේත්‍රයේ වැටුප් හා දීමනාවල ද බරපතළ ගැටලු ඇති වී තිබෙනවා. රජයේ නිවාඩු දින හා සති විවේක දින දීමනාව මූලික වැටුපින් 1/20 සිට 1/30 දක්වා අඩු කර තිබෙනවා.

සේවා පැයකට ගෙවූ 1/160 දීමනාව 1/200 දක්වා අඩු කර ඇති බවත් මෙම ක්ෂේත්‍රයේ විශේෂිත කාර්යයක් හෙද හෙදියන් ඉටු කරන අතර මේ වනවිට බරපතළ හෙද හිඟයක් ඇතිව තිබෙනවා. හෙද කාර්ය මණ්ඩලය නිල ඇඳුමින්ම ජාතික ජන බලවේගයේ රැස්වීම්වලට පැමිණ සහයෝගය ලබා දුන්නා. එම කාර්ය මණ්ඩලයට එලෙස සැලකීම ගැන නැවත වරක් සිතා බලන්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT