43
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ගාල්ල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබන උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය YAMAHA 40 H P පිටත දහන යන්ත්‍රයක කැපුම් ආකෘතියක් නොබෝදා නාවික හමුදාව විසින් එම විශ්වවිද්‍යාල මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කරනු ලැබීය. සාගර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සඳහා දිගු කාලයක සිට අවශ්‍යව පැවැති මෙම කැපුම් ආකෘතිය උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල පහසුවක් වේ.
නාවික හමුදාවේ දකුණු නාවික විධානයේ ආඥාපතිවරයා විසින් ගාල්ල සාගර විශ්වවිද්‍යාලයේ කලාපීය අධ්‍යක්ෂිකා අයි.එස්. සමරසේකර මහත්මිය වෙත එම යන්ත්‍රය භාරදුන් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.