ජංගම දුරකතන මාර්ගයෙන් කප්පම් ලබා ගැනීමට, තර්ජන කිරීමක් පිළිබඳව යක්කලමුල්ල පොලීසියට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය වැදගත් කරුණු රැසක් අනාවරණය කරගැනීමට සමත්ව ඇත. එහි දී සැකකරුවෝ තිදෙනෙකුද හඳුනා ගැනීමට හැකිවී ඇත.
ඒ අනුව යමින් කටයුතු කළ පොලීසිය යක්කලමුල්ල ප්‍රදේශයේම පදිංචි සැකකරුවෝ හඳුනාගත් අතර ඉන් සැකකරුවන් දෙදනෙක් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මේ සම්බන්ධයෙන් හඳුනාගත් අනෙක් සැකකරු මේ වන විටත් අත්අඩංගුවේ පසුවන අතර, ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන පුද්ගලයෙක් බවද පොලීසිය කරුණු අනාවරණය කරගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවෝ දෙෙදනා යක්කලමුල්ල, හිරියමල්කුඹුරු ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් වන අතර ඔවුන් වයස 31 හා 36 වයස්වල පසුවන පුද්ගලයන්ද වේ.
මෙහි දී අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති අතර, තවත් තොරතුරු අනාවරණය කරගැනීමට කටයුතු කරමින් සිටී. අනාවරණය කරගත් තොරතුරු අනුව ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට පත්ව සිටින පුද්ගලයාගේ නිවෙස පරීක්ෂා කිරීමේදී එහි තිබී ජංගම දුරකතන නවයක්, සිම්පත් රාශියක් අත්අඩංගුවට ගනු ලැබිණි. අනෙක් සැකකරු එම සිම් කාඩ්පත් ලබාදුන් පුද්ගලයාද වේ. ඔහුගෙන් මේ වනවිට පොලීසිය ප්‍රශ්න කිරීම් සිදුකරන අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත.
මෙම කප්පම් ලබා ගැනීම සඳහා කටයුතු කර ඇති පුද්ගලයා යක්කලමුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති පුද්ගලයා හා දැනට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කිරීම් කරන පුද්ගලයා සිදුකර ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇති යක්කලමුල්ල පොලීසිය දුරකතන සිම්කාඩ් මොවුන්ට ලබාදී ඇති පුද්ගලයාද තුන්වන සැකකරුවෙක් ලෙස හඳුනාගෙන ඇත. මේ වනවිට පොලීසිය ඔහුගෙන්ද වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතින අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මෙම සිම්කාඩ් භාවිත කරමින් විවිධ වූ සංවිධානාත්මක අපරාධ සඳහා යොදාගෙන ඇති බව පොලීසිය සැක කරන අතර ඒ තොරතුරු ඔස්සේ යමින් පොලීසිය වැඩිදුර විමර්ශන කරමින් සිටී.
මෙම සිම් කාඩ්පත් වයසින් වැඩි පුද්ගලයින්ගේ නම්වලින් ලියාපදිංචි කර ඇති බව පොලීසිය කරුණු අනාවරණය කරගෙන ඇති අතර, පොලීසියට පැමිණිලි කළ කප්පම් ලබාගැනීමේ සිද්ධිය සඳහා භාවිත කර ඇති සිම් කාඩ්පත අවුරුදු 85ක් වයස්ගත කාන්තාවකගේ හැඳුනුම්පතක් උපයෝගී කරගනිමින් ලියාපදිංචි කර ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත. එමෙන්ම මෙම සිම් කාඩ්පත් දුරකතන පණිවුඩ ඔස්සේ ඉතා ඉහළ මුදලට විකුණා ඇති බව පවසන පොලීසිය, සිම්කාඩ් 4ක් රැපියල් 10,000ක් වැනි මුදලට මොවුන් විකුණා ඇති බව පවසයි. මෙම සිම්කාඩ් උපයෝගී කරගනිමින් දිවයිනේ සිදුකර ඇති විවිධ අපරාධ සඳහා භාවිතා කර ඇති බවට පොලීසිය සැක පහල කරන අතර මෙවන් කප්පන් ගැනීමේ සිද්ධි සඳහා මෙම සිම්කාඩ් භාවිත කර ඇති බවටද අනාවරණය කරගෙන ඇත.
කප්පම් ස්ද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට පත් පුද්ගලයාගේ නිෙවසේ තිබී විවිධ වර්ගයේ සිම්පත් 1000ක් හා ජංගම දුරකතන නවයක් ද අත්අඩංගුවට ගෙන ඇත.