කඩවත – කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය සහ මහර ජනාධිපති විද්‍යාලය අතර තෙවැනි වරට පවත්වනු ලබන ‘මහර රන්දිනු මහා ක්‍රිකට් සංග්‍රාමය’ අද (7) පෙරවරු 8.30ට ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කිරිල්ලවල මැදි විදුහල්පති බණ්ඩාර වීරසිංහ හා මහර ජනාධිපති විදුහල්පති උදය කුමාර සිරිවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පැවැත්වෙන මහා තරගයේදී කිරිල්ලවල ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස යසේන් භාසුර හා උප නායකයා ලෙස ලුක් ටසේන් කටයුතු කරති. මහර ජනාධිපති ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස සමින් සමල්ක පෙරේරා හා උපනායකයා ලෙස අනුජ සදෙව් දෙව්තුරු කටයුතු කරති.

කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම: ඉදිරි පෙළ (වමේ සිට) – මෙත්තිකා රණවීර (විෂය සමගාමී හා නියෝජ්‍ය විදුහල්පති), බණ්ඩාර වීරසිංහ (විදුහල්පති), නුවන් දර්ශන (ක්‍රිකට් භාර ආචාර්ය), මැද පෙළ – යසේන් බාසුර, දියනෙත් නිත්‍ය, ඉඳුවර සසංක, චමුදිත දෙවින්මිත්, දෙව්මිත් මිහිසර කොඩිතුවක්කු, සයුරු උළිඳු, සදෙව් අභිලාෂ්, රවිඳු රශ්මිත විදානගමගේ, බුද්ධිම ෂාන්, යසිත ලක්ෂිත, ලූක් ටෂේන් ලියනගමගේ (උපනායක), පසු පෙළ – බිනදු නේතක, මිනිඳු සංජන, සකිත් නිම්සර, නිමන්ත මලිත් උඩගෙදර, දහම් තමීර විජේසේකර, ආකේෂ් ආදිත්‍ය හර්ෆ්ට්, ඇසල වත්සර සෙනෙවිරත්න, හෙසඳු නේසද, සෙනුක වින්දිල.
ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක