Home » ශක්ති බෙන්ච් ප්‍රෙස් රන් පදක්කම රොෂාන්ට

ශක්ති බෙන්ච් ප්‍රෙස් රන් පදක්කම රොෂාන්ට

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

සමස්ත ලංකා ශක්ති බෙන්ච් ප්‍රෙස් ශූරතාවලියේ විවෘත පිරිමි අංශයේ රන් පදක්කම දිනා ගැනීමට හයි ඔක්ටේන් ක්‍රීඩා සමාජයේ රොෂාන් නාලක සමත් විය. පසුගියදා වාද්දුව ධර්මපාල විදුහල් ශාලාවේදී පැවති එම තරගාවලියේ විවෘත අංශයේ හොඳම බර ඔසවන්නා සහ කිලෝග්‍රෑම් 66 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට රොෂාන් නාලක සමත් විය, මීට පෙර 2024 වසරේ තරගාවලියේදී ද කිලෝග්‍රෑම් 66 බර පන්තියේ රන් පදක්කමට හිමිකම් කීමට ඔහු සමත් වී තිබිණි. මේ තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගනු ලැබුවේ ඔහු නියෝජනය කරන හයි ඔක්ටේන් ක්‍රීඩා සමාජය විසිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT