Saturday, May 3, 2025
Home » දිවයිනේ වායුගුණ තත්ත්වය පිළිබඳ වාර්තාවක්

දිවයිනේ වායුගුණ තත්ත්වය පිළිබඳ වාර්තාවක්

by yasara
March 10, 2025 2:52 pm 0 comment

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය අද (10) දින මධ්‍යස්ථ මට්ටමක පවතිනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එමෙන්ම යාපනය, වවුනියාව, කෑගල්ල, නුවරඑළිය, ත්‍රිකුණාමලය, මුලතිව්, මඩකලපුව, පොළොන්නරුව සහ මොනරාගල යන නගරවල යහපත් මට්ටමක පැවැතිය හැකියි.

කෙසේ වෙතත් පෙර දිනය තුළ, දිවයිනයේ බොහෝ නාගරික ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පැවැතුණි.

ගාල්ල, රත්නපුර, ඇඹිලිපිටිය, මඩකලපුව හා අනුරාධපුර යන නගරවල සුළු වශයෙන් අහිතකර තත්ත්වයක පැවැති බව සඳහන් වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT