Home » නීති විරෝ­ධීව රැගෙන ආ විදේ­ශිය දුම්වැටි 160,000ක් ඖෂධ පෙති 22,100ක් කල්පි­ටි­යේදී නාවික හමුදා අත්අ­ඩං­ගු­වට

නීති විරෝ­ධීව රැගෙන ආ විදේ­ශිය දුම්වැටි 160,000ක් ඖෂධ පෙති 22,100ක් කල්පි­ටි­යේදී නාවික හමුදා අත්අ­ඩං­ගු­වට

by damith
March 10, 2025 4:02 pm 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

නීති විරෝධී ලෙස රැගෙන ආ විදේ­ශිය දුම්වැටි 160,000ක තොග­යක් සහ ඖෂධ පෙති තොග­යක් කල්පි­ටි­යේදී නාවික හමුදා භාර­යට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමු­දාව 06 වැනි දින කල්පි­ටිය ඉප්ප­න්තිව් වෙරළ ප්‍රදේ­ශයේ සිදු­කළ විශේෂ සෝදිසි මෙහෙ­යු­ම­කදී, එම වෙරළ ප්‍රදේ­ශයේ අත්හැර දමන ලද ඩිංගි යාත්‍රා­වක තිබූ නීති විරෝධි ලෙස මෙර­ටට රැගෙන ඒමට උත්සාහ කරන ලද විදේ­ශීය දුම්වැටි එක් ලක්‍ෂ හැට­ද­හ­සක (160,000) තොග­යක් සහ ඖෂධ පෙති විසි දෙ‍දහස් එක­සි­ය­යක (22,100) තොග­යක් සමඟ එම ඩිංගි යාත්‍රා­වක් නාවික හමුදා භාර­යට ගැනී­මට කට­යුතු කර තිබේ.

වයඹ නාවික විධා­න­යට අයත් ශ්‍රී ලංකා නාවික විජය ආය­ත­න­යට ලද තොර­තු­ර­කට අනුව, උච්ච­මු­ණිය නාවික අනු­ඛ­ණ්ඩ­යට අනු­යුක්ත නාවික හමුදා විශේෂ යාත්‍රා බල­ග­ණයේ කණ්ඩා­ය­මක් යොදවා ඉප්ප­න්තිව් දූප­තට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේ­ශයේ සහ එම වෙරළ ප්‍රදේ­ශයේ සිදු­කළ මෙම විශේෂ සෝදිසි මෙහෙ­යු­මේදී, ඉප්ප­න්තිව් වෙරළේ අත්හැර දමන ලද සැක­ක­ට­යුතු ඩිංගි යාත්‍රා­වක් නිරී­ක්‍ෂ­ණය කර පරී­ක්‍ෂා­වට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාවේ තිබි නීති විරෝධී ලෙස මෙර­ටට රැගෙන ආ බවට සැක කෙරෙන විදේ­ශීය දුම්වැටි එක් ලක්‍ෂ හැට­ද­හ­සක (160,000) තොග­යක් සහ ඖෂධ පෙති විසි දෙ‍දහස් එක­සි­ය­යක (22,100) තොග­යක් මෙලෙස නාවික හමුදා භාර­යට ගැනී­මට කට­යුතු කර තිබේ.

නාවික හමුදා මෙහෙ­යුම් හමුවේ ගොඩ­බි­මට රැගෙන යෑමට නොහැ­කිව ජාවා­ර­ම්ක­රු­වන් මෙම විදේ­ශිය දුම්වැටි තොගය සහ ඖෂධ පෙති තොගය මෙලෙස ඉප්ප­න්තිව් වෙරළේ අත්හැර දමා යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

නාවික හමුදා භාර­යට ගත් ඩිංගි යාත්‍රාව, විදේ­ශීය දුම්වැටි එක් ලක්‍ෂ හැට­ද­හ­සක (160,000) තොගය සහ ඖෂධ පෙති විසි දෙ‍දහස් එක­සි­ය­යක (22,100) තොගය ඉදිරි නීති­මය කට­යුතු සඳහා පුත්ත­ලම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය වෙත භාර දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT