මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම හේතුවෙන් වවුනියාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන සිය පුතාට ලබාදීමට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි වැල්ලව පොලීසියේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් වවුනියාව පොලීසිය පෙරේදා (08) අත්අඩංගුවට ගෙන ඇත.
පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව අසල යුද හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් නිල සුනඛයින් යොදවා පැමිණෙන පිරිස් පරීක්ෂා කරනු දැක මෙම උප පොලිස් පරීක්ෂකවරයා යම් පාර්සලයක් විසිකර තිබේ. එය දුටු යුද හමුදා නිලධාරීන් විසිකළ එම පාර්සලය ගෙන පරීක්ෂා කර ඇත. ඒ තුළ ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය බව හඳුනා ගැනීමෙන් පසු පොලීසියට ඒ බව දැනුම් දී තිබේ. ඒ අනුව පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 240ක් ඒ තුළ තිබී ඇත.
ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ සිය පුතා ලබා දීමට එම අයිස් ඔහු රැගෙනවිත් ඇති බවය.