Home » කාක දූප­තට ගෙන ගිය සැක­ක­රු­වන් වෙඩි වැදී මිය යෑම පිළි­බඳ මරණ පරී­ක්ෂ­ණයේ සාක්කි විභා­ගය 14 වැනි දින සිදු කරන්න
කොට­හේන වෙඩි තැබීමේ සිද්ධිය

කාක දූප­තට ගෙන ගිය සැක­ක­රු­වන් වෙඩි වැදී මිය යෑම පිළි­බඳ මරණ පරී­ක්ෂ­ණයේ සාක්කි විභා­ගය 14 වැනි දින සිදු කරන්න

මට්ට­ක්කු­ලිය පොලී­සි­යට නියෝග

by damith
March 10, 2025 4:03 pm 0 comment

කල්පනි අබේ­සිංහ

කොට­හේන ප්‍රදේ­ශයේ සිදු වූ වෙඩි තැබී­මක් සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් දෙදෙ­නාව සඟවා ඇති ආයුධ පෙන්වීම සඳහා කාක දූප­තට රැගෙන ගිය අව­ස්ථා­වේදී වෙඩි වැදී මිය යෑම සම්බ­න්ධ­යෙන් සිදු කෙරෙන මරණ පරී­ක්ෂ­ණයේ සාක්ෂි විභා­ගය ලබන 14 වැනි දින සිදු කරන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසාන් අම­ර­සේන මහතා පසු­ගිය 7 වැනි දින මට්ට­ක්කු­ලිය පොලී­සි­යට නියෝග කළේය.

පසු­ගිය 21 වැනිදා යතු­රු­පැ­දි­ය­කින් පැමිණ පුද්ග­ල­යන් දෙදෙ­නකු කොට­හේන ප්‍රදේ­ශ­යේදී පුද්ග­ල­ය­කුට වෙඩි තබා ඝාත­නය කිරීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් සැක­පිට සැක­ක­රු­වන් දෙදෙ­නකු පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගත් අතර පසුව එම සැක­ක­රු­වන් සඟවා ඇති ආයුධ පිළි­බ­ඳව පොලී­සි­යට ප්‍රකාශ කර ඇති අතර සැක­ක­රු­වන් දෙදෙනා සමඟ එම ආයුධ පරී­ක්ෂා­වට පොලිස් නිල­ධා­රීන් කාක­දූ­පත වෙත ගොස් තිබුණි.

එම අව­ස්ථා­වේදී ඇති වූ සිදු­වී­මක් හේතු­වෙන් එම සැක­ක­රු­වන් පොලිස් වෙඩි පහ­රින් මර­ණ­යට පත්වූ බව පොලී­සිය අධි­ක­ර­ණ­යට කරුණු දැක්වීය. නඩුව කැඳවූ අව­ස්ථා­වේදී මට්ට­ක්කු­ලිය පොලී­සිය අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් කියා සිටියේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් සැක­ක­රු­වන් තව­මත් අනා­ව­ර­ණය කර­ගෙන නොමැති බවයි.

ඒ අව­ස්ථා­වේදී අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා පවසා සිටියේ, සැක­ක­රු­වන් පොලිස් අත්අ­ඩං­ගුවේ පසු­වෙද්දී වෙඩි වැදී මිය යෑම සම්බ­න්ධ­යෙන් සැක­ක­රු­වන් විය යුත්තේ අදාළ විම­ර්ශ­න­යට ගිය විම­ර්ශන නිල­ධා­රීන් බවයි.

සිද්ධි­යට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයේ පවා පළ වූ බැවින්, සැක­ක­රු­වන් අනා­ව­ර­ණය කර ගනි­මින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට හැකි­යාව ඇති බව නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණය හමුවේ අව­ධා­ර­ණය කර සිටි­යේය.

ඒ අනුව දෙපා­ර්ශ්වයේ කරුණු සලකා බැලූ අති­රේක මහේ­ස්ත්‍රාත් මරණ පරී­ක්ෂණ විභා­ගය මාර්තු 14 වැනි දිනට නියම කළ අතර සාක්ෂි­ක­රු­වන් අනා­ව­ර­ණය කර­ගෙන මරණ පරී­ක්ෂ­ණය සාක්ෂි විභා­ගය එදි­නට කැඳ­වී­මට කට­යුතු සම්පා­ද­නය කරන ලෙසට පොලී­සි­යට නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT