Home » හිඟුල් ඔයේ පාවී ආ පොලි­තින් බෑගයේ මිනිස් සිරුරු දෙක­ක අස්ථි කොටස් මාව­නැල්ල පොලී­සිය සොයා ගනී

හිඟුල් ඔයේ පාවී ආ පොලි­තින් බෑගයේ මිනිස් සිරුරු දෙක­ක අස්ථි කොටස් මාව­නැල්ල පොලී­සිය සොයා ගනී

by damith
March 10, 2025 4:03 pm 0 comment

අර­ණා­යක සමූහ - රෝහණ ජය­රත්න

මාව­නැල්ල ඕවත්ත පාර හිඟුල ප්‍රදේ­ශයේ හිඟුල් ඔයේ කළු පැහැති පොලි­තින් බෑග­යක බහා තිබූ මිනිස් සිරුරු දෙක­කට අයත් අස්ථි කොටස් හමු වූ බව මාව­නැල්ල පොලී­සිය කියයි.

එම උරයේ තිබී හිස් කබල් දෙකක කොටස් හා සිරුරු කිහි­ප­යක අයත් බවට සැක කළ හැකි අස්ථි කොටස් තොග­යක් පෙරේදා (08) දහ­වල් ප්‍රදේ­ශ­වා­සී­න්ගෙන් ලද තොර­තු­රක් මත සොයා ගත් බවද පොලී­සිය කියයි.

හිඟුල ප්‍රදේ­ශයේ පුද්ග­ල­යකු සිය ගෙවත්තේ පොල් කඩා එය අහු­ල­න්නට ඔය දෙසට ගිය අව­ස්ථාවේ තැඹිලි පැහැති කව­ර­යක් තිබෙනු දැක ඇති බවත් පසුව ඔහු අත තිබූ පිහි­යෙන් උර­යට පහ­රක් ගැසූ අව­ස්ථා­වේදි උරය ගැලවි ගොස් හිස් කබල් කොටස් හා සිරුරු කිහි­ප­ය­කට අයත් කොටස් දැක ඇති බව ද පොලී­සිය කියයි.

හිස් කබල් දෙකක කොටස් උර­යෙන් එළි­යට විසිවී ඇති අතර කළු පැහැති ටියු­ලිප් වර්ගයේ බෑගයේ සිරුරු කිහි­ප­ය­කට අයත් බවට සැක කෙරෙන අස්ථි කොටස් තොග­යක් බහා තිබි­යදි හිඟුල් ඔය ඉවුරේ ගල් පර­යක් අසල තිබී ඇති බවද පොලි­සිය පැව­සීය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් මාව­නැල්ල පොලී­සිය අධි­ක­ර­ණය හමු­වට කරුණු ඉදි­රි­පත් කිරී­මෙන් පසු මාව­නැල්ල වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් නිසේදා කුමාරි ධර්ම­ති­ලක මහ­ත්මිය විසින් ස්ථානීය පරී­ක්ෂ­ණය සිදු­කර අස්ථි කොටස් කෑගල්ල ශික්ෂණ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය­ව­රයා හමු­වට ඉදි­රි­පත් කිරී­මට පොලී­සි­යට නියෝග කළාය.

මාව­නැල්ල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ලසන්ත කලු­ආ­රච්චි මහ­තාගේ නියෝග මත පොලිස් සැර­යන් 571 වීර­සිංහ, කෑගල්ල කොට්ඨාස අප­රාධ ස්ථාන පරී­ක්ෂක ඒක­කයේ පොලිස් පරී­ක්ෂක තිල­ක­රත්ත, පොලිස් සැර­ය­න්ව­රුන් වන 19642 ගුණ­සිංහ, 32928 සිරි­මාන්න, පොලිස් කොස්තා­පල් රියැ­දුරු 3954 ගුණ­ති­ලක යන නිල­ධා­රින් වැඩි­දුර විම­ර්ශන පව­ත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT