Home » නාර­ම්මල පොලී­සියේ ලොක්කන් දෙදෙ­න­කුගේ වැඩ තහ­නම්
දරුණු අපරාධ පැමි­ණිලි කොළ කැබැලිවල ලියලා

නාර­ම්මල පොලී­සියේ ලොක්කන් දෙදෙ­න­කුගේ වැඩ තහ­නම්

by damith
March 10, 2025 4:03 pm 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

සිය පොලිස් වසමේ අප­රාධ වාර්තා වීම් අඩු බව ඉහළ පොලිස් නිල­ධා­රීන්ට පෙන්වී­මට පොලිස් ස්ථාන­යට වාර්තා වන දරුණු ගණයේ අප­රාධ (ඩී.ගණයේ) පොලිස් පොත්වල සට­හන් නොකර කොළ කැබැ­ලි­වල සට­හන් කර වංචා­වක නිර­තවූ නාර­ම්මල පොලිස් ස්ථානයේ වැඩ­බ­ලන ස්ථානා­ධි­ප­ති­ව­ර­යාගේ සහ අප­රාධ අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යාගේ වැඩ තහ­නම් කිරී­මට කුලි­යා­පි­ටිය කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­ව­රයා පිය­වර ගෙන ඇත.

මෙසේ වැඩ තහ­න­මට ලක්ව ඇත්තේ වැඩ­බ­ලන පොලිස් ස්ථානා­ධි­පති ධුරය දැරූ පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­ය­කුගේ සහ අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති ධුරය දැරූ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­ය­කු­ගේය. වැඩ­බ­ලන පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා සහ අප­රාධ අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා විසින් කරනු ලැබූ මෙම වංචාව හෙළිවී ඇත්තේ පසු­ගිය 06 වෙනිදා නාර­ම්මල සිදුවූ ගව සොර­කම් දෙකක් සම්බ­න්ධ­යෙන් ලද පැමි­ණිලි දෙකක් පොලිස් පොත්වල සට­හන් කර නොගෙන කොළ කැබ­ලි­වල සට­හන් කර ගැනී­මක් ගැන ඉහළ පොලිස් නිල­ධා­රීන්ට ලද තොර­තු­රක් සම්බ­න්ධ­යෙන් කළ විම­ර්ශ­න­යේ­දීය.

නාර­ම්මල දීකි­රි­කෑව ප්‍රදේ­ශයේ පුද්ග­ල­ය­කුට අයත් රුපි­යල් ලක්ෂ 12ක් වටිනා එළ ගව­යින් සිවු දෙනෙක් සහ එම ප්‍රදේ­ශ­යේම පදිංචි තවත් පුද්ග­ල­ය­කුට අයත් එළ ගව­යකු සොර­කම් කිරී­මක් සම්බ­න්ධ­යෙන් එසේ කඩ­දා­සි­වල සට­හන් තබ­මින් වංචාව සිදු­කර ඇති බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT