Home » හඳුන්වා දෙන සැර අඩු නව මත්පැන් වර්ගය රජයේ රස පරී­ක්ෂක අනු­මැ­ති­යට

හඳුන්වා දෙන සැර අඩු නව මත්පැන් වර්ගය රජයේ රස පරී­ක්ෂක අනු­මැ­ති­යට

by damith
March 10, 2025 4:03 pm 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

අහි­ත­කර මත්පැන් පාවිච්චි කර­න්නන් වෙනු­වෙන් නිෂ්පා­ද­නය කිරී­මට සැල­සුම් කර තිබෙන සැර අඩු මත්පැන් මිලි­ලී­ටර් 180 බෝත­ලය රජයේ රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව සහ කාර්මික තාක්ෂණ ආය­ත­නය විසින් සිදු කරනු ලබන පරී­ක්ෂ­ණ­ව­ලින් පසු වෙළෙ­ඳ­පො­ළට නිකුත් කිරී­මට හැකි බව සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි.

මින් වාර්ෂි­කව රුපි­යල් කෝටි පන්සී­යත් දාහත් අතර අම­තර ආදා­ය­මක් ලබා­ගත හැකි බවට සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව පුරෝ­ක­ථ­නය කර තිබේ. සිය­යට විසි­ප­හක සැර මට්ට­ම­කින් මෙම නිෂ්පා­ද­නය වෙළෙ­ඳ­පො­ළට නිකුත් කිරී­මට නිය­මිත අතර මේ සම්බ­න්ධ­යෙන් සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව, කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන අමා­ත්‍යාං­ශය සම­ඟද මේ වන විට සාකච්ඡා කර ඇත.

සිය­යට 96.2ක මට්ට­මෙන් නිප­ද­වන ස්ප්‍රීතු වෙනු­වට සිය­යට 85 මට්ටමේ නව ස්ප්‍රීතු­ව­ලින් කසි­ප්පු­ව­ලට වඩා හිත­කර මත්පැන් නිෂ්පා­ද­න­යන් මෙලෙස නිකුත් කිරී­මට අපේක්ෂා කරන බව සුරා­බදු දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් පසු­ගි­යදා පැවැති රජයේ මුදල් කාරක සභා­වේ­දීද දන්වා ඇත. මීට අදාළ යෝජ­නාව දෙපා­ර්ත­මේ­න්තුව විසින් මුදල් අමා­ත්‍යාං­ශ­යට ඉදි­රි­පත් කිරී­මට අපේක්ෂා කෙරේ.

මේ වන විට වැඩිම පරි­භෝ­ජ­න­යක් පව­තින මිලි­ලී­ටර් 180 කාල බෝත­ල­යක් වශ­යෙන් සිය­යට විසි­පහේ සැර මට්ට­ම­කින් මෙම මත්පැන් වෙළෙ­ඳ­පො­ළට නිකුත් කිරී­මට අද­හස් කරන බවත්, පැල්වත්ත හා සෙව­ණ­ගල සීනි කර්මා­න්ත­ශා­ලා­වල එත­නෝල් ගොඩ­ගැ­සීමේ ප්‍රශ්න­ය­ටද මෙම­ඟින් විස­ඳු­මක් ලැබෙන බවත් සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුවේ ඉහළ නිල­ධා­රි­යකු ‘දින­මිණ’ට පැව­සීය.

නීති විරෝධී මත්පැන් තව­දු­ර­ටත් නියා­ම­නය කරන විට දෙපා­ර්ත­මේ­න්තුවේ ආදා­යම තව­දු­ර­ටත් වැඩි කළ හැකි යැයිද හෙතෙම පැව­සු­වේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT