වසර 47ක ඉතිහාසයේ රුහුණ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරය වෛද්‍ය පීඨයට හා කෘෂිකර්ම පීඨය අතර බෙදී යමින් තිබුණ ද එම වාර්තා වෙනස් කරමින් මෙවර නව උපකුලපතිවරයා ලෙස රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති,ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පස්දුන්කෝරලේ ආරච්චිගේ ජයන්ත මහතා පත්කර ඇත.
පසුගිය සෙනසුරාදා (08) වැඩ භාරගත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. ඒ.ජයන්ත මහතා රුහුණ විශ්වවිද්‍යාලයේ 8 වැනි උප කුලපතිවරයා ලෙස ඉතිහාසයට එක්වෙයි.
ඔහු අහංගම සාරිපුත්‍ර විද්‍යාලයෙන් හා වැලිගම ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. ගාල්ල මහින්ද විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාල වරම් ලබාගෙන ඇත.