Home » ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ නව අධ්‍යක්ෂ ජන­රාල් ධුර­යට මේජර් ජෙන­රාල් සම්පත් කොටු­වේ­ගොඩ

ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ නව අධ්‍යක්ෂ ජන­රාල් ධුර­යට මේජර් ජෙන­රාල් සම්පත් කොටු­වේ­ගොඩ

by damith
March 10, 2025 4:03 pm 0 comment

උපාලි කරු­ණා­රත්න

මේජර් ජෙන­රාල් සම්පත් කොටු­වේ­ගොඩ (විශ්‍රා­මික) මහතා ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ නව අධ්‍යක්ෂ ජන­රාල් වශ­යෙන් පසු­ගි­යදා (08) වැඩ භාර ගත්තේය.

දශක තුන­කට අධික කාල­යක් ශ්‍රී ලංකා හමු­දාවේ කීර්ති­මත් නිල­ධා­රි­යකු වන මේජර් ජෙන­රාල් කොටු­වේ­ගොඩ මහතා, උපා­ය­මා­ර්ගික නාය­ක­ත්වය, අර්බුද කළ­ම­නා­ක­ර­ණය සහ ජාතික ආර­ක්ෂක විශේ­ෂ­ඥ­තාව යනාදී ක්ෂේත්‍ර යටතේ සුවි­ශේෂ දැනුම් සම්භා­ර­යක් හිමි නිල­ධා­රි­යෙකි.

1986 දී කැඩෙට් නිල­ධා­රි­යකු ලෙස ශ්‍රී ලංකා යුද හමු­දාවේ සේව­යට බැඳී පුහු­ණු­වෙන් පසු ශ්‍රී ලංකා කාල­තු­වක්කු රෙජි­මේ­න්තු­වට සම්බන්ධ වූ මේජර් ජෙන­රාල් කොටු­වේ­ගොඩ මහතා වසර 36කට ආසන්න කාල­යක් ශ්‍රී ලංකා යුධ හමු­දාවේ වෘත්තීය ජීවි­තය තුළ බළ­සේ­නා­ධි­පති, අණ­දෙන නිල­ධාරි, සේනාං­කා­ධි­පති, ශ්‍රී ලංකා කාල­තු­වක්කු රෙජි­මේ­න්තුවේ කර්නල් සේනා­වි­ධා­යක, ආර­ක්ෂක සේනා ආඥා­පති, ශ්‍රී ලංකා හමු­දාවේ ස්වේච්ඡා හමු­දාවේ සේනා­වි­ධා­යක සහ නියෝජ්‍ය මාණ්ඩ­ලික ප්‍රධානී ලෙස ද සේවය කර ඇත.

කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ ශාස්ත්‍ර­පති උපා­ධිය සහ ජාතික ආර­ක්ෂක පරි­පා­ල­නය පිළි­බඳ ශාස්ත්‍ර­පති උපා­ධිය ද හිමි­ක­ර­ගෙන ඇති මේජර් ජෙන­රාල් කොටු­වේ­ගොඩ මහතා අමෙ­රිකා එක්සත් ජන­ප­දය, ඉන්දි­යාව, පකි­ස්තා­නය, ජපා­නය, බංග්ලා­දේ­ශය, පිලි­පී­නය සහ චීනය ඇතුළු රට­වල් කිහි­ප­යක යුද හමුදා සහ ආපදා ප්‍රති­චාර පිළි­බ­ඳව විදේශ පුහු­ණුව ලබා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT