උතුරු පළාත් කරා සංවර්ධනය ගෙනයෑම අරමුණු කරගෙන උතුරු පළාතේ මෙතෙක් අක්‍රීයව පැවති රජය සතු ආයතන කීහිපයක් නැවත සක්‍රීය කිරීම සහ තවදුරටත් නව සැලැස්මක් අනුව යෝජිත නව කර්මාන්ත පුරයක් ඇති කිරීම පිළිබඳ මූලික කටයුතු ආරම්භ කෙරේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති, ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇමැතිවරු ඊයේ (07) උතුරු පළාතේ කන්කසන්තුරය කර්මාන්තපුරය සහ දැනට අක්‍රියව ඇති සිමෙන්ති කර්මාන්තශාලාව ඇතුළු ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණයට එක්වූහ.
ලංකාවේ ආර්ථික සංවර්ධනයට අඩු දායකත්වයක් සැපයූ එහෙත් විශාල ලෙස දායක කරගත හැකි උතුරු පළාත් කරා සංවර්ධනය ගෙනයෑම අරමුණු කරගෙන උතුරු පළාතේ මෙතෙක් අක්‍රියව පැවති රජය සතු ආයතන කිහිපයක් නැවත සක්‍රිය කිරීම සහ තවදුරටත් නව සැලැස්මක් අනුව යෝජිත නව කර්මාන්තපුර වෙනුවන් අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ කටයුතු මෙන්ම දැනට පවතින ගැටලු සොයාබලා විධිමත් සහ කාර්යක්ෂම ලෙස අවශ්‍ය පියවර ගැනීමට ද මෙහිදී තීරණය කෙරිණි.
නව පියවරක් ලෙස නැවත නුදුරේදීම නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කිරීම සිදු විය. ප්‍රථම වතාවට රාජ්‍ය සංස්ථාවක් මඟින් ලුණු සඳහා අයඩින් මිශ්‍ර කිරීම සිදු කිරීමේ තාක්ෂණය මේ කර්මාන්ත ශාලාව සතුව පවතියි.
යෝජිත කර්මාන්තපුර ලෙස සංවර්ධනය කිරීමට නියමිත කන්කසන්තුරේ, මාන්කුලම් සහ පරන්තන් කෙමිකල් ආයෝජන කර්මාන්ත ආරම්භ කිරීමට අවශ්‍ය සාකච්ඡා සිදු කිරීමටත් නිලධාරීන් සමඟ එම ස්ථාන නිරීක්ෂණය කිරීමටත් ඇමැතිවරු එක්වූහ. මෙහිදී ඉදිරි කටයුතු සහ පවතින ගැටලු පිළිබඳවත් සාකච්ඡා කරනු ලැබීය.
විනාශ වී පැවති ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්ත ශාලාව නැවත යළි පණගැන්වීමට හැකියාව ලැබුණු අතර නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කෙරුණු අතර මෙමඟින් නව රැකියා අවස්ථා රාශියක් ප්‍රදේශයේ ජනතාව වෙත උදාකරලීමට අවස්ථාව සැලසුණි.
රටේ සමස්ත ජනතාව ශ්‍රී ලාංකියයන් ලෙස ජාති, ආගම් භේදයකින් තොරව රටේ ආර්ථිකයට දායක කරගැනීම කොටස්කරුවන් කර ගැනීම තම අභිලාෂය බවත් ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් කරගැනීමට කටයුතු කරන බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී සඳහන් කළේය.
ඇමැතිවරුන්ට අමතරව ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති අර්ජුන හේරත් මහතාත්, උතුරු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.