Home » උතුරේ සිමෙන්ති සහ අලි­මං­කඩ ලුණු කම්හල ඇමැ­ති­ව­රුන්ගේ නිරී­ක්ෂ­ණ­යට
උතුරේ අඩ­පණ වී ඇති කම්හල් යළි සක්‍රිය කිරී­මට සැලැ­ස්මක්

උතුරේ සිමෙන්ති සහ අලි­මං­කඩ ලුණු කම්හල ඇමැ­ති­ව­රුන්ගේ නිරී­ක්ෂ­ණ­යට

by damith
March 10, 2025 4:05 pm 0 comment

නෙරං­ජලා වික්‍ර­ම­සිංහ

උතුරු පළාත් කරා සංව­ර්ධ­නය ගෙන­යෑම අර­මුණු කර­ගෙන උතුරු පළාතේ මෙතෙක් අක්‍රී­යව පැවති රජය සතු ආය­තන කීහි­ප­යක් නැවත සක්‍රීය කිරීම සහ තව­දු­ර­ටත් නව සැලැ­ස්මක් අනුව යෝජිත නව කර්මාන්ත පුර­යක් ඇති කිරීම පිළි­බඳ මූලික කට­යුතු ආරම්භ කෙරේ.

කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන ඇමැති සුනිල් හඳු­න්නෙත්ති, ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමැති රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර් සහ මුදල් හා සැල­සුම් නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරි­ය­ප්පෙ­රුම ඇමැ­ති­වරු ඊයේ (07) උතුරු පළාතේ කන්ක­ස­න්තු­රය කර්මා­න්ත­පු­රය සහ දැනට අක්‍රි­යව ඇති සිමෙන්ති කර්මා­න්ත­ශා­ලාව ඇතුළු ව්‍යාපෘති කිහි­ප­යක් නිරී­ක්ෂ­ණ­යට එක්වූහ.

ලංකාවේ ආර්ථික සංව­ර්ධ­න­යට අඩු දාය­ක­ත්ව­යක් සැපයූ එහෙත් විශාල ලෙස දායක කර­ගත හැකි උතුරු පළාත් කරා සංව­ර්ධ­නය ගෙන­යෑම අර­මුණු කර­ගෙන උතුරු පළාතේ මෙතෙක් අක්‍රි­යව පැවති රජය සතු ආය­තන කිහි­ප­යක් නැවත සක්‍රිය කිරීම සහ තව­දු­ර­ටත් නව සැලැ­ස්මක් අනුව යෝජිත නව කර්මා­න්ත­පුර වෙනු­වන් අවශ්‍ය සැල­සුම් සකස් කිරීමේ කට­යුතු මෙන්ම දැනට පව­තින ගැටලු සොයා­බලා විධි­මත් සහ කාර්ය­ක්ෂම ලෙස අවශ්‍ය පිය­වර ගැනී­මට ද මෙහිදී තීර­ණය කෙරිණි.

නව පිය­ව­රක් ලෙස නැවත නුදු­රේ­දීම නිෂ්පා­දන ක්‍රියා­ව­ලිය ආරම්භ කරන අලි­මං­කඩ ලුණු කර්මාන්ත ශාලාව නිරී­ක්ෂ­ණය කිරීම සිදු විය. ප්‍රථම වතා­වට රාජ්‍ය සංස්ථා­වක් මඟින් ලුණු සඳහා අය­ඩින් මිශ්‍ර කිරීම සිදු කිරීමේ තාක්ෂ­ණය මේ කර්මාන්ත ශාලාව සතුව පව­තියි.

යෝජිත කර්මා­න්ත­පුර ලෙස සංව­ර්ධ­නය කිරී­මට නිය­මිත කන්ක­ස­න්තුරේ, මාන්කු­ලම් සහ පර­න්තන් කෙමි­කල් ආයෝ­ජන කර්මාන්ත ආරම්භ කිරී­මට අවශ්‍ය සාකච්ඡා සිදු කිරී­ම­ටත් නිල­ධා­රීන් සමඟ එම ස්ථාන නිරී­ක්ෂ­ණය කිරී­ම­ටත් ඇමැ­ති­වරු එක්වූහ. මෙහිදී ඉදිරි කට­යුතු සහ පව­තින ගැටලු පිළි­බ­ඳ­වත් සාකච්ඡා කරනු ලැබීය.

විනාශ වී පැවති ඔඩ්ඩු­සු­ඩාන් උළු කර්මාන්ත ශාලාව නැවත යළි පණ­ගැ­න්වී­මට හැකි­යාව ලැබුණු අතර නිෂ්පා­දන ක්‍රියා­ව­ලිය ආරම්භ කෙරුණු අතර මෙම­ඟින් නව රැකියා අවස්ථා රාශි­යක් ප්‍රදේ­ශයේ ජන­තාව වෙත උදා­ක­ර­ලී­මට අව­ස්ථාව සැල­සුණි.

රටේ සමස්ත ජන­තාව ශ්‍රී ලාංකි­ය­යන් ලෙස ජාති, ආගම් භේද­ය­කින් තොරව රටේ ආර්ථි­ක­යට දායක කර­ගැ­නීම කොට­ස්ක­රු­වන් කර ගැනීම තම අභි­ලා­ෂය බවත් ජන­තාව ආර්ථි­කයේ කොට­ස්ක­රු­වන් කර­ගැ­නී­මට කට­යුතු කරන බවත් සුනිල් හඳු­න්නෙත්ති මහතා මෙහිදී සඳ­හන් කළේය.

ඇමැ­ති­ව­රුන්ට අම­ත­රව ආයෝ­ජන මණ්ඩ­ලයේ (BOI) සභා­පති අර්ජුන හේරත් මහ­තාත්, උතුරු පළාත් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් සහ රාජ්‍ය නිල­ධා­රීහු ද මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT