Home » මහා­නා­යක පද­වි­යෙන් පිදුම් ලබන කර­ගොඩ උය­න්ගොඩ මෛත්‍රී මූර්ති මාහි­මියෝ

මහා­නා­යක පද­වි­යෙන් පිදුම් ලබන කර­ගොඩ උය­න්ගොඩ මෛත්‍රී මූර්ති මාහි­මියෝ

by damith
March 10, 2025 4:03 pm 0 comment

සමස්ත ලංකා අම­ර­පුර මහා නිකායේ අභි­නව උත්ත­රී­තර මහා­නා­යක නාහි­මි­පා­ණන් වහන්සේ ලෙස බළ­න්ගොඩ ශ්‍රී ධර්මා­නන්ද විද්‍යා­ය­තන පිරි­වෙන් විහා­රා­ධි­පති රාස්ස­ගල විහාර පාර්ශ්වයේ මහා­නා­යක කර­ගොඩ උය­න්ගොඩ මෛත්‍රී මූර්ති නාහි­මියෝ පත්වීම පිළි­බඳ සැක­සුණු ලිපි­යකි මේ.

1946 වර්ෂයේ ඔක්තෝ­ම්බර් 01වැනිදා දකුණු ලක නිල්වලා ගං තෙරේ ගැමි සුවඳ විහි­දු­වන මාතර කඹු­රු­පි­ටිය කර­ගොඩ උය­න්ගොඩ නම් සුන්දර ගමෙහි දොන් සාදි­රිස් අබේ­වි­ක්‍රම වීර­මන් හා ඇම්.වී. අබේ­වි­ක්‍රම නම් දම්ප­තීන් යුව­ළ­කට තුන්වන දරුවා ලෙස මෙලොව දායාද කළ පින්වත් කුම­රෙකි. සුපි­න්වත් කුල කුමරු වයස අවු­රුදු දහ­තුනේ දී සියලු සැප­ස­ම්පත් හා වංශ­වත් පෙළ­පත ආදී සියල්ල ම අත­හැර දා එව­කට ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ මහා­නා­යක අග්ග­මහා පණ්ඩිත බළ­න්ගොඩ ආනන්ද මෛත්‍රෙය මාහි­පා­ණන් වහ­න්සේගේ සෙව­ණට පත්විණි. අන­තු­රුව උගත මනා බණ දහම් හැදෑරූ කුල කුම­රු­වාණෝ වර්ෂ 1962 ජුනි මස 18 වැනි දින බළ­න්ගොඩ ශ්‍රී ධර්මා­නන්ද විද්‍යා­ය­තන පිරි­වෙන් විහා­ර­ස්ථා­නයේ දී උතුම් වූ ශාස­නික පැවිද්ද ලබ­නුයේ කර­ගොඩ උය­න්ගොඩ මෛත්‍රී මූර්ති යන පැවිදි නාම­යෙනි.

මහ­නා­හි­මි­තු­මන්ගේ සෙව­ණෙහි වැඩ සිටි­මින් සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය හා ඉංග්‍රීසි ආදී භික්ෂු ජීවි­ත­යට අත්‍ය­වශ්‍ය විෂ­යන් පිළි­බඳ මූලික දැනුම සිය ගුරු දේව­යන් වහ­න්සේ­ගෙන් උගත්හ. පසුව වැඩි­දුර අධ්‍යා­පන කට­යුතු සඳහා දිය­ත­ලාව ශ්‍රී සුධ­ර්මා­ලං­කාර විද්‍යා­ය­තන පිරි­වෙ­නට ඇතු­ළත් වූහ. එහිදී ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍ය­යම ආදී විභාග මැන­වින් සමත් කර­ගත්හ. පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යෙන් පළමු පන්තියේ සාමාර්ථ සහි­තව විශේ­ෂ­වේදී උපා­ධිය ලබා එම විශ්ව­වි­ද්‍යා­ලයේ ම දර්ශන අංශයේ කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙස වසර ගණ­නා­වක් සේවය කළහ. අන­තු­රුව 1971 ජූලි මස 17 වැනි දින බළ­න්ගොඩ ශ්‍රී ධර්මා­නන්ද පිරි­වෙන් විද්‍යා­ය­ත­න­යේදී අති­ගරු අග්ග­මහා පණ්ඩිත, අභි­ධජ මහා රට්ඨ­ගුරු, පරම පූජ­නීය බළ­න්ගොඩ ආනන්ද මෛත්‍රෙය මාහි­පා­ණන් වහ­න්සේගේ ආචා­ර්ය­ත්ව­යෙන් උතුම් වූ අධි­ශීල සංඛ්‍යාත උප­ස­ම්ප­දාව ලැබූහ. උන්ව­හන්සේ සිය ගුරු­දේ­ව­යන් වහ­න්සේගේ ඉල්ලීම පරිදි බළ­න්ගොඩ ශ්‍රී ධර්මා­නන්ද පිරි­වෙන් විද්‍යා­ය­ත­නයේ පරි­වේ­ණා­ධි­පති ධුරය භාර­ගත්හ. එතැන් පටන් ආය­ත­නයේ භෞතික හා ගිහි පැවිදි මානව සම්පත දියුණු කර­මින් වස­රින් වසර සබ­ර­ගමු පළාතේ පම­ණක් නොව ලංකාවේ ම අධ්‍යා­පන සංව­ර්ධන අංශයේ ඉහළ ස්ථාන­යක් ලබා­දී­මට සමත් විණි. අති­ගරු බළ­න්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ­නා­හි­මි­පා­ණන් වහ­න්සේගේ පැවිදි ශිෂ්‍ය පුත්‍ර­යන් වහන්සේ අතර සූජී­වත්ව වැඩ­සි­ටින ප්‍රධාන ශිෂ්‍ය රත්නය ලෙස අප කතා නාය­ක­යන් වහන්සේ තුන්හෙ­ළයේ ම කාගේත් ගෞර­ව­යට පාත්‍ර වනු ඇත. මේ නිසා ශාස­නික වශ­යෙන් හිමි­වන්නේ සුවි­ශේෂී ස්ථාන­යකි.

බළ­න්ගොඩ ශ්‍රී ධර්මා­නන්ද පිරි­වෙන් විද්‍යා­ය­ත­නය හා අප නාහි­මි­පා­ණන් වහ­න්සේ­ගෙන් ආග­මික, ජාතික, ශාස­නික, අධ්‍යා­ප­නික සහ සංස්කෘ­තික වශ­යෙන් සිදු­වන සේවය අප­රි­මි­තය. ඒ නිසාම උන්ව­හන්සේ වෙත තන­තුරු ගලා ආවේ ය. රාස්ස­ගල විහාර පාර්ශ්වයේ මහා­නා­යක පද­වි­යෙන් පිදුම් ලැබූ උන්ව­හන්සේ බුද්ධ ශාසන අමා­ත්‍යාං­ශයේ උප­දේ­ශ­ක­ව­ර­යකු ලෙස කට­යුතු කරනු ලබයි. අන්තර් ආග­මික උප­දේ­ශ­ක­ව­ර­යකු මෙන් ම ත්‍රිපි­ටක සංර­ක්ෂණ මණ්ඩ­ලයේ සාමා­ජී­ක­ව­ර­යෙක් ලෙස අන­භි­භ­ව­නීය සේව­යක නිර­ත­වෙ­මින් සිටියි. ආග­මික ක්ෂේත්‍ර­යෙහි මෙන්ම අධ්‍යා­ප­නික කට­යුතු කෙරෙහි විශේෂ දක්ෂ­තා­වක් ඇති උන්ව­හන්සේ සබ­ර­ගමු පළාතේ නියෝජ්‍ය අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­ව­ර­යෙකු ලෙස දිගු­ක­ලක් සේවය කළ අතර ශ්‍රී ලංකා සබ­ර­ගමු විශ්ව­වි­ද්‍යා­ලයේ පාලක සභාවේ සක්‍රිය දාය­ක­ත්ව­යක් ලබා­දෙනු ඇත.

නිර­න්ත­රව උන්ව­හන්සේ සිදු­ක­රනු ලබන ආග­මික, ජාතික, ශාස­නික හා ආධ්‍යා­ත්මික ක්‍රියා­ව­ලි­යට දක්වන ධෛර්යය, කැප­වීම නිවැ­රදි නාය­ක­ත්වය හා අවංක ප්‍රති­ප­දාව ඉතා අග­නේය. ඍජු හා සුප­ටි­පන්න ගුණෝ­පේත ගුණ­යෙන් යුත් අප නාහි­මි­තු­මන් ප්‍රදේ­ශයේ ඇති උසස් අධ්‍යා­පන ආය­ත­න­යක් වන ශ්‍රී ලංකා සබ­ර­ගමු විශ්ව­වි­ද්‍යා­ලයේ ආර­ම්භ­යට මුල්ගල් තැබී­මට පවා සෙත්පි­රිත් දෙස­මින් ආශි­ර්වාද කළ අතර විශ්ව­වි­ද්‍යා­ලයේ සිදු­වන සුවි­ශේෂී සෑම කට­යු­ත්ත­කට ම සහ­භාගි වන්නේ අධ්‍යා­ප­නික මෙහෙ­වර අත්නො­හ­රි­මිනි.

උන්ව­හන්සේ විසින් ලියැ­වුණු පොත්පත් රාශි­යක් ඇත. සූත්‍රා­ගත කරුණු ඉතා ලිහිල් බසින් මෙන්ම සරල සුගම බස්ව­හ­රක් යොද­මින් එළි­දැ­ක්වීම ගිහි පැවිදි කාගේත් ධර්ම ඥාන­යට මහත් රුකු­ලකි. බෞද්ධ මෙන් ම ජාතික පුව­ත්පත් සඟරා ආදි­යට නිර­න්තර ලිපි ලේඛන සප­ය­මින් සක්‍රිය දාය­ක­ත්ව­යක් ලබා දෙන්නේ යහ­පත් ජීවන සමාජ වට­පි­ටා­වක් සකසා ගැනී­මට ජනතා සිත්ස­තන් සුපෝ­ෂ­ණය කර­මිනි.

ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ රාස්ස­ගල විහාර පාර්ශ්වයේ මහා ලේඛ­කා­ධි­කාරී ධුරය හොබ­ව­මින් ශාස­නෝ­න්න­ති­යට දීර්ඝ කාල­යක් කැපී පෙනෙන සේව­යක් ඉටු කළහ. ශාස­නික හා අධ්‍යා­ප­නික වශ­යෙන් තන­තුරු නිර­න්ත­රව ලැබෙ­නුයේ උන්ව­හන්සේ තුළ ඇති අවං­ක­භා­වය කාර්ය­ශූ­ර­ත්වය එඩි­තර බව හා නිහ­ත­මානී ගති­ගුණ නිසා­වෙනි.

2004 ඔක්තෝ­ම්බර් 20 වැනි දින අම­ර­පුර නිකායේ රාස්ස­ගල විහාර පාර්ශ්වයේ මහා­නා­යක පරම පූජ­නීය ගැට­අ­ර­ළුවේ ශ්‍රී ධම්ම­ර­තන මහ­නා­හි­මි­තු­මන්ගේ අප­ව­ත්වී­මෙන් අන­තු­රුව අප නාහි­මි­පා­ණන් වහන්සේ ස්ව නිකා­යික මහා­නා­යක තන­තු­රට නිත­ර­ඟ­යෙන් පත්වූහ. දීර්ඝ කාල­යක් ස්ව නිකා­යික මහා සංඝ­ර­ත්නයේ පම­ණක් නොව සමස්ත ලංකාවේ ම ගෞර­වා­ද­ර­යට පත් අප කතා නාය­ක­යන් වහන්සේ සමස්ත ලංකා අර­පුර සංඝ සභාවේ ගරු සභා­පති පද­වි­යෙන් පිදුම් ලැබූහ.

ත්‍රෛනි­කා­යික මහා සංඝ­ර­ත්නය අප නාහි­මි­පා­ණන් වහන්සේ කෙරෙහි ඇති විශ්ව­ස­නී­ය­ත්වය හා ගෞර­වය නිසාම නොයෙ­කුත් ගෞරව නාම සම්මුති පිරි­න­ම­න්නට විය. ඒ අතර ආනන්ද මෛත්‍රෙය මහා වංසා­ව­තංස, මහෝ­පා­ධ්‍යාය, ප්‍රව­චන කීර්ති ශ්‍රී, ත්‍රිපි­ටක විශා­රද පරි­යප්ති ශාසන ධර්ම­ධ්ව­ජාග්‍ර, ශ්‍රී සුගත ශාසන වංසා­ලං­කාර සද්ධර්ම විභූ­ෂණ යන ගෞරව නාම සුවි­ශේෂී විය. සමස්ත අම­ර­පුර මහා නිකායේ උත්ත­රී­තර මහා­නා­යක පද­වි­යෙන් සම්භා­ව­නා­වට පාත්‍ර වූ පරම පූජ­නීය කර­ගොඩ උය­න්ගොඩ මෛත්‍රී මූර්ති නායක මාහි­මි­පා­ණන් වහ­න්සේට නිදුක් නිරෝගී චිර ජීව­නය ලැබේවා!

-ශාස්ත්‍ර­පති කොස්ගම විනී­ත­ජීව හිමි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT