Home » කාන්තා­ හිංස­න­යට විරු­ද්ධව ජාතික වැඩ­පි­ළි­වෙ­ළක් අව­ශ්‍යයි

කාන්තා­ හිංස­න­යට විරු­ද්ධව ජාතික වැඩ­පි­ළි­වෙ­ළක් අව­ශ්‍යයි

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

by damith
March 10, 2025 4:03 pm 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

කාන්තා­වන්ට එරෙ­හිව සිදු­වන හිංස­න­යට විරු­ද්ධව ජාතික වැඩ­පි­ළි­වෙ­ළක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා අව­ධා­ර­ණය කරයි.

ලෝක කාන්තා දිනය වෙනු­වෙන් දේශයේ ජීව­නා­ලිය බඳු කාන්තා­වන් වෙනු­වෙන් පිදෙන අභි­මා­නයේ උත්ත­මා­චා­රය වන “ලක්ව­නිතා අභි­මානි” සම්මාන උලෙළ අම­ත­මින් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පෙරේදා (08) මේ බව පැව­සීය.

රටේ කාන්තා­වන් සම­ස්ත­යක් ලෙස සමා­ජයේ විවිධ ක්‍රියා­කා­ර­ක­ම්වල නිරත වන පසු­බි­මක් තුළ දර්ශක දෙස බල­න­විට ශ්‍රම­බ­ළකා සහ­භා­ගි­ත්වය තුළ අපේ රටේ කාන්තාව සිටින්නේ සීමා­ස­හිත කොට­සක බවත්, දළ වශ­යෙන් එය 34%ක් බවත් දියුණු ලෝකයේ රට­වල කාන්තා ශ්‍රම බළකා සහ­භා­ගි­ත්වය 46% දක්වා වැඩි බැවින් රැකියා හා ව්‍යව­සා­ය­කත්ව ක්ෂේත්‍රයේ කාන්තා සහ­භා­ගි­ත්වය අවම ඇයි කියා සොයා බැලිය යුතු බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

රටේ බහු­ත­රය කාන්තා­වන් වුවත් පුරුෂ පාර්ශ්වය කේන්ද්‍ර කර­ගත් රටා­වන්, ව්‍යුහ­යන් අද රටේ ප්‍රධාන තැනක් ගෙන ඇති බවත් පුරුෂ කේන්ද්‍රීය ව්‍යුහය තුළ කාන්තා පාර්ශ්ව­යට බොහෝ අව­ස්ථා­වල දී ඉස්මතු වීමට ඇති ඉඩ සීමා­ස­හිත බවත් අප රටේ කාන්තා­වන් බොහෝ අව­ස්ථා­වල දී ආපදා, ව්‍යව­ස­න­ව­ලදී, නි‍ෙව­සේදී, මහ­ම­ඟදී වැඩ­බි­මේදී බහු­විධ හිංස­න­යන්ට ලක්වන බවත් විපක්ෂ නාය­ක­ව­රයා පෙන්වා දුන්නේය.

ජාත්‍ය­න්තර කාන්තා දිනය නිමි­ත්තෙන් සැම­රුම් රැසක් පැවැ­ත්වෙන මේ මොහොතේ මෙවැනි දින­යක් තුළ අප සමා­ජ­යේත් රාජ්‍ය­ත­න්ත්‍ර­යේත් ඉන් පිට­තත් කාන්තා­වන්ට සිදු­වන අයු­ක්තිය, අසා­ධා­ර­ණය හඳු­නා­ගෙන දින වක­වානු, කාල­ස­ට­හන් සහි­තව එම අසා­ධා­ර­ණ­යන් ඉවත් කරන ජාතික වැඩ­පි­ළි­වෙ­ළක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT