Monday, May 5, 2025
Home » පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව

by damith
March 10, 2025 4:05 pm 0 comment

උසස් මානව ගුණාංග­ව­ලට යෑමට ගැහැ­නිය පිරි­මි­යා­ටත්-පිරි­මියා ගැහැ­නි­ය­ටත් ගරු කළ යුතුයි

ඇමැ­තිනි සරෝජා පෝල්රාජ්

ගැහැ­නිය ලෙස පිරි­මි­යා­ටත් පිරි­මියා ලෙස ගැහැ­නි­ය­ටත් ගරු කරන සමා­ජය තුළ උසස් මානව දර්ශ­න­ව­ලට යා හැකි බවත් ගරු­ත්වය දී ගරු­ත්වය ලැබිය යුතු බවත් කාන්තා හා ළමා කට­යුතු ඇමැ­තිනි සරෝජා පෝල්රාජ් මහ­ත්මිය පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (08) ප්‍රකාශ කළාය.

කාන්තා හා ළමා කට­යුතු ඇමැ­තිනි සරෝජා පෝල්රාජ් මහ­ත්මිය මේ බව සඳ­හන් කළේ කාන්තා හා ළමා කට­යුතු අමා­ත්‍යාං­ශයේ වැය ශීර්ෂය පිළි­බඳ කාරක සභා අව­ස්ථාවේ විවා­ද­යට එක්වෙ­මිනි.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍ය­ව­රිය මෙසේ ද සඳ­හන් කළාය.

“අද වන­විට සමාජ සාර­ධර්ම මෙන්ම එකි­නෙ­කාට ඇති ගරු­ත්වය පවා අඩු වී ඇති අතර උසස් මානව ගුණාංග වැඩි­දි­යුණු කිරීම උදෙසා සියලු දෙනා කැප­විය යුතුයි. එමෙන්ම අද වන­විට ඉපැ­යීම් හා ආර්ථික ක්‍රියා­ව­ලි­යේදී කාන්තාව දැවැන්ත දාය­ක­ත්ව­යක් දුන්නද ප්‍රති­ලාභ ලබා ගැනී­මේදී සිටින තැන පිළි­බඳ අර්බු­ද­යක් තිබෙ­නවා.

අපගේ රට ලෙස ගත්තත් ලෝකය ලෙස ගත්තත් වැඩ බිමේ­දීත් අර­ගල කර­න්නට කාන්තා­වන්ට සිදු වෙනවා. තම දරු­වන් වෙනු­වෙන් කිරි පැයේ අයි­තිය ඇතුළු විවිධ අයි­තීන් වෙනු­වෙන් වෙහෙ­සෙ­න්නට කාන්තා­වන්ට සිදු වෙනවා. අන්න එවැනි වෙහෙ­සක් දරලා තමයි අයි­තීන් දිනා ගැනී­මට කාන්තා­වන්ට සිදු වුණේ. ඒ ආකා­ර­යට තමයි කාන්තා දිනය පවා නිර්මා­ණය වු‍ණේ. ඒ වගේම ආර්ථි­කය ශක්ති­මත් කිරීම වෙනු­වෙන් දැවැන්ත දාය­ක­ත්ව­යක් දෙන කාන්තාව ආර්ථි­කයේ ප්‍රති­ලාභ ලබ­න­විට සිටින්නේ කොතැ­නද යන ගැට­ලුව තිබෙ­නවා. අන්න ඒ නිසා තමයි ස්ත්‍රීපු­රුෂ සමා­ජ­භා­වය වෙනු­වෙන් අය-වැය සම්බ­න්ධ­යෙන් පවා අව­ධා­නය යොමු කර­න්නට සිදුව තිබෙන්නේ” යැයි ද කීවාය.


ගැහැනු දරු­වන් අධ්‍යා­ප­නයේ කුස­ලතා දක්වද්දී පිරිමි දරු­වන් ඉන් බැහැර වෙමින් පව­ති­නවා

අග­මැ­තිනි හරිනි අම­ර­සූ­රිය

අද වන­විට ගැහැනු දරු­වන් අධ්‍යා­පන ක්ෂේත්‍රයේ ඉහළ කුස­ලතා දක්ව­මින් ඉදි­රි­යට යෑමේ ප්‍රව­ණ­තා­වක් දක්නට ලැබීම සම්බ­න්ධ­යෙන් සතුටු විය හැකි වුව ද ඊට සාපේ­ක්ෂව පිරිමි දරු­වන් අධ්‍යා­පන අව­ස්ථා­ව­න්ගෙන් බැහැර වීමේ ප්‍රව­ණ­තා­වක් දක්නට ලැබෙන බව අග­මැ­තිනි හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (08) ප්‍රකාශ කළාය.

අග­මැ­ති­ව­රිය මේ බව ප්‍රකාශ කළේ කාන්තා හා ළමා කට­යුතු අමා­ත්‍යාං­ශයේ වැය ශීර්ෂය පිළි­බඳ කාරක සභා අව­ස්ථාවේ විවා­ද­යට එක්වෙ­මිනි.

“ස්ත්‍රී – පුරුෂ සමා­ජ­භා­වීය තත්ත්ව­යන් ගැන කතා කරන විට අද ගැහැනු දරු­වන් සිටින තැන ගැන අපි සතුටු වෙනවා. නමුත් තවත් ප්‍රශ්න­යක් තිබෙ­නවා. පිරිමි දරු­වන් අධ්‍යා­පන අවස්ථා තුළින් ඈත්වෙ­නවා. ඒ ඔස්සේ නිර්මා­ණය වන අර්බුද රැසක් තිබෙ­නවා. පොත­පත පම­ණක් නෙවෙයි. සියලු දේවල් ඉගෙ­න­ගත යුතුයි.

අද මෙතැන සිටින කාන්තා­වන් ඇතුළු අපිට ගිය අවු­රුද්දේ මාර්තු 08 වැනිදා පොල්දූව මංස­න්ධිය ඉදි­රි­යේදී අර­ගල කර­න්නට සිදු­වුණා. මට එදා නැවත පාර්ලි­මේ­න්තු­වට එන්න පුළු­වන් වුණේ හොඳ­ටම වතු­රින් තෙත­බ­රිත වෙලා. ඊට අදාළ නඩු­වට සාක්ෂි දෙන්න පවා මම ගියා. මට තිබුණු චෝද­නා­වක් තමයි මල් පෝච්චි පෑගුවා කියන එක. ඒ අර­ගල හරහා තමයි අපි ගොඩක් මෙතැ­නට අද ඇවිත් ඉන්නේ. ඉතින් මම සතුටු වෙනවා, කාල­යක් තිස්සේ පෙනී සිටි දේවල් හරහා මෙතැ­නට ඇවිත් කට­යුතු කරන්න පුළු­වන් වීම ගැන. ඒ නඩුව තව­මත් විම­ස­නවා. මොකද අග­මැති වුණාට පසු­වත් මගෙන් සාක්ෂි විම­සුවා. මල් පෝච්චි පෑගීම තමයි වරද. අපි කාල­යක් පුරා­වට පෙනී සිටි දේවල් හරහා මෙතැ­නට එන්නට පුළු­වන් වීම ගැන මම සතුටු වෙනවා.” යැයි ද ඇය කීවාය.


කාන්තා­වට ගරු කරන සමා­ජ­යක් බිහි­කි­රීම ගෙද­රින් ඇර­ඹිය යුතුයි

ඇමැති හර්ෂණ නානා­ය­ක්කාර

දරු­වන්ට කායික දඬු­වම් සිදු කිරීම තහ­නම් කරන පන­තක් කඩි­න­මින් සම්මත කිරී­මට කට­යුතු කරන බව අධි­ක­රණ හා ජාතික ඒකා­බ­ද්ධතා අමාත්‍ය හර්ෂණ නානා­ය­ක්කාර මහතා පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (08) ප්‍රකාශ කළේය.

දරු­වන්ට සිදු කරන කායික දඬු­වම් තහ­නම් කිරීම වෙනු­වෙන් මේ වන­විට පනත් කෙටු­ම්ප­තක් සකස් වී ඇති අතර එය කඩි­න­මින් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර සම්මත කර ගැනී­මට අපේක්ෂා කරන බව ද ඇමැ­ති­ව­රයා පැව­සීය.

අමාත්‍ය හර්ෂණ නානා­ය­ක්කාර මහතා මේ බව සඳ­හන් කළේ කාන්තා හා ළමා කට­යුතු අමා­ත්‍යාං­ශයේ වැය ශීර්ෂය පිළි­බඳ විවා­දය අත­ර­තුර විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මතු කරන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමිනි.

“මිනි­ස්සුන්ගේ ආකල්ප වෙනස් නොවී නීති­යෙන් විත­රක් කොළ­වල ලියලා මේ අයි­තිය තහ­වුරු කරන්න පුළු­වන් ද? මේ ආකල්ප හැදෙන්නෙ කොයි කාලෙ ද? ළමා කාලේ. එත­කොට ළම­යාගේ ආකල්ප වර්ධ­නය වෙන්නේ කොහොම ද? ඔහු පරි­ස­රයේ දකින දේවල් අනුව. එහෙම නම් කාන්තා­වට ආර­ක්ෂි­තව ඉන්න, කාන්තා­වට ගරු­සරු ඇති කරන සමා­ජ­යක් බිහි­වෙන්න නම් ඒක ආරම්භ වෙන්නේ ගෙද­රින්. එහෙම නම් නීති­රී­තිත් හදමු, ව්‍යව­ස්ථාත් හදමු. නමුත් මම හිත­නවා සෑම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම තමන්ගේ පිරිමි ළම­යාට ඉගැ­න්නුවා නම් කාන්තා­වට ගරු කරන්න පොඩි කාලෙදී. මම හිතන්නේ පර­ම්ප­රා­වක් දෙකක් වැඩි­හි­ටියෝ වෙන­කොට කාන්තා­වගේ ආර­ක්ෂා­වට නීති වෙනු­වට සමා­ජයේ පිරිමි ඉදි­රි­පත් වෙන සමා­ජ­යක් ඉදි­ර­යේදී නිර්මා­ණය කරන්න පුළු­වන්” යැයි ද කීවේය.


ඉදි­රි­යේදී බස් රියැ­දු­රු­ව­රි­යන් දුම්රිය නියා­ම­ක­ව­රි­යන් දකින්න ලැබේවි

අමාත්‍ය බිමල් රත්නා­යක

ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ල­යට සහ දුම්රිය සේව­යට කාන්තා­වන් බඳවා ගැනී­මට ප්‍රති­ප­ත්ති­මය තීර­ණ­යක් ගෙන ඇති බව අමාත්‍ය බිමල් රත්නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රකාශ කළේය.

කාන්තා දිනය නිමි­ත්තෙන් මෙම තීර­ණය ගෙන ඇති බවත් පාසල් බස් රථ ද කාන්තා­වන්ට භාර­දීමේ සිහි­න­යක් ඇති බව ද ඇමැ­ති­ව­රයා පැව­සීය.

ඒ අනුව ඉදි­රි­යේදී බස් රථ රියැ­දු­රු­ව­රි­යන්, දුම්රිය නියා­ම­ක­ව­රි­යන් පවා දැක­ගත හැකි­වනු ඇති බව ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

2025 වසර සඳහා වන අය-වැය කාරක සභා අව­ස්ථාවේ විවා­ද­යේදී ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය, සිවිල් ගුව­න්සේවා අමා­ත්‍යාං­ශයේ වැය ශීර්ෂය පිළි­බඳ විවා­ද­යට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

“කාන්තා දිනය නිමි­ත්තෙන් අපේ අමා­ත්‍යාං­ශය තීර­ණය කරලා තියෙ­නවා ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ල­යට ඒ වගේම දුම්රිය සේව­ය­ටත් කාන්තා­වන් බඳවා ගන්න. බස් රථ රියැ­දු­රු­ව­රි­යන්, පයි­ලට්ලා, ගාඩ්ලා හැටි­යට කාන්තා­වන් තව ටික දව­ස­කින් බලා­ගන්න පුළු­වන් වේවි. කාන්තා දිනය වෙනු­වෙ­නුයි මේ තීර­ණය ගත්තේ. ඒ වගේම සිහි­න­යක් ති‍ෙය­නවා පාසල් බස් රථ කාන්තා­වන්ට භාර දෙන්න යැයි” ද කීවේය.


කාන්තා හා ළමා අයි­ති­වා­සි­කම් රටේ මූලික නීති­යක් කළ යුතුයි

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

කාන්තා හා ළමා අයි­ති­වා­සි­කම් රටේ මූලික නීති­යක් බවට පත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (08) ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මේ බව සඳ­හන් කළේ කාන්තා හා ළමා කට­යුතු අමා­ත්‍යාං­ශයේ වැය ශීර්ෂය පිළි­බඳ කාරක සභා අව­ස්ථාවේ විවා­ද­යට එක්වෙ­මිනි.

“එක්සත් ජාතීන්ගේ සංව­ර්ධන වැඩ­ස­ට­හ­නට අනුව ලංකාවේ බහු­මාන අව­දා­නම් තත්ත්ව හා දර්ශක තිබෙ­නවා. අප රටේ පුද්ග­ල­යන් 10න් 6ක් බහු­විධ අව­දා­න­මට ලක්වෙ­නවා. සමා­ජයේ වැඩිම අව­දා­න­ම­කට ලක්ව ඇති කණ්ඩා­යම වන්නේ දරු­වන් හා කාන්තා­වන්. ආපදා අව­ස්ථා­ව­ලදී, වසං­ග­ත­ව­ලදී නිවෙ­සේදී, වැඩ­බි­මේදී, මහ­ම­ගදී ආදී සෑම අව­ස්ථා­ව­කම කාන්තාව හා දරුවා බර­ප­තළ ඛේද­වා­ච­ක­ය­කට මුහුණ දෙනවා.

උපාධි අපේ­ක්ෂ­ක­යන් බඳවා ගැනී­මේදී 64.7%ක් කාන්තා­වන් වුවත් ශ්‍රම බළ­කායේ ඉන්නේ කාන්තා­වන් 32%යි. ලැප්ටොප් පරි­ග­ණ­ක­යක් හෝ ස්මාර්ට් දුර­ක­ත­න­යක් තනි­වම භාවිත කිරී­මට හැකි­යාව ඇත්තේ කාන්තා­ව­න්ගෙන් 54%කටයි. ඩිජි­ටල් අධ්‍යා­ප­න­යට ප්‍රවේ­ශය වැඩි පිරිමි ළම­යින්. අධි­ක­රණ ක්ෂේත්‍රයේ, අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ විනි­සු­රු­වන් 15 දෙනා තුළ එක කාන්තා­වක් නැහැ. ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තුළ අග­වි­නි­සු­රු­ව­රිය ඇතු­ළුව සිටින 17න් තිදෙ­නකු පම­ණක් කාන්තා­වන්. ”යැයි ද කීවේය.


25%ක කාන්තා නියෝ­ජ­නය පළාත් සභා-පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­ව­ල­ටත් ගේන්න

මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර

ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණය සඳහා වන සිය­යට 25ක කාන්තා නියෝ­ජ­නය පළාත් සභා සහ පාර්ලි­මේන්තු මැති­ව­රණ සඳහා ද ගෙන එන ලෙසට යෝජනා කරන බව සමගි ජන බල­වේ­ගයේ කුරු­ණෑ­ගල දිස්ත්‍රික් මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර මහතා පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (08) පැව­සීය.

ඒ සඳහා විප­ක්ෂය ලෙස දිය හැකි උප­රිම සහාය දෙන බව ද මන්ත්‍රී­ව­රයා පැව­සු­වේය.

අය-වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් මන්ත්‍රී­ව­රයා මේ බව කියා සිටි­යේය.

“සෑම පස් දෙනකු අත­රින් තුන් දෙනකු කිසි­යම් හෝ ලිංගික හිංස­න­ය­කට වැඩ­බිම තුළදී ලක් වෙනවා. මාර්ග තුළ­දීත් ලිංගික හිංස­න­යට ලක් වෙනවා. ශ්‍රම බළ­කා­යට කාන්තා දාය­ක­ත්වය තව­මත් තිබෙන්නේ සිය­යට 33ක් පමණ. එය ප්‍රමා­ණ­වත් නැහැ. 227,002ක් කාන්තා­වන් වතු අංශය නියෝ­ජ­නය කර­මින් ශ්‍රම බළ­කා­යට සම්බ­න්ධව සිටි­නවා. වතු අංශයේ ආදා­යම් ලබා­දී­මේදී ඔවුන් ගැන විශේෂ අව­ධා­න­යක් යොමු කළ යුතුයි. කාන්තා­වන් විශාල සංඛ්‍යා­වක් අධ්‍යා­ප­නය සඳහා යොමුව සිටි­නවා. කාන්තා­වන් අධ්‍යා­ප­න­යෙන් ඉහළ තැන­කට තල්ලු වෙමින් සිටි­නවා පිරි­මින්ට වඩා. සිය­යට 57.2ක් ගෘහ අංශයේ කාර්ය­න්වල නියැ­ළෙ­නවා. කාන්තා­වන් සඳහා වූ ජාතික අර­මු­දල ශක්ති­මත් කිරී­මට ද පිය­වර ගත යුතුයි” යැයි ද කීවේය.


සාක්ෂ­ර­තා­ව­යේදී කාන්තාව ඉදි­රි­යෙන්: නමුත් ශ්‍රම බළ­කා­යේදී පසු­ප­සින්

මන්ත්‍රිනි චමි­න්ද්‍රාණි කිරි­ඇල්ල

කාන්තා­වන්ගේ සාක්ෂ­ර­තාව සිය­යට 93ක් වුවත් ශ්‍රම වෙළෙ­ඳ­පො­ළට පිවි­සීම පිරි­මින්ට වඩා අඩු බව සමගි ජන බල­වේ­ගයේ මහ­නු­වර දිස්ත්‍රික් මන්ත්‍රිනි නීතිඥ චමි­න්ද්‍රාණි කිරි­ඇල්ල මහ­ත්මිය පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (08) පැව­සු­වාය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගු­ලට කාන්තා­වන් හසුව සිටින බවත් ඒ ගැන ආණ්ඩුවේ අව­ධා­නය යොමු කළ යුතු බවත් මන්ත්‍රී­ව­රිය ප්‍රකාශ කළාය.

අය-වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් මන්ත්‍රී­ව­රිය මේ බව කියා සිටි­යාය.

“1970 මාර්තු 08 වැනිදා ලෝක කාන්තා දිනය එක්සත් ජාතීන්ගේ සංග­මය ප්‍රකා­ශ­යට පත් කළා. එදි­නට මේ විවා­දය යෙද­වීම ගැන සතු­ටට පත් වෙනවා. මේ සභාවේ සිටින කාන්තා මන්ත්‍රී­ව­රි­ය­නට, පාර්ලි­මේන්තු මහ­ලේ­ක­ම්ව­රි­යට, පාර්ලි­මේ­න්තුවේ සේවය කරන සියලු කාන්තා­වන්ට මෙන්ම ශ්‍රී ලාංකික කාන්තා­වන්ට සුබ වේවා කියලා මම ප්‍රාර්ථනා කර­නවා. මෙරට ලක්ෂ 14ක් පමණ සිටින්නේ අවු­රුදු 5ට අඩු දරු­වන්. අවු­රුදු 5ට අඩු දරු­වන්ගේ මොළයේ වර්ධ­නය ඉහ­ළයි. අවු­රුදු 5ට අඩු දැරි­යන්ගේ මන්ද­පෝ­ෂ­ණය ඉහ­ළයි. ඒ දැරි­යන්ගේ කුරු­වීම සිය­යට 10.3ක්, කෘශ වීම 10.8ක්, අඩු බර 17.1ක් වෙනවා. එය හොඳ තත්ත්ව­යක් නෙවෙයි. මෙවර අය-වැයෙන් මිලි­යන 3200ක් දරු­වන්ගේ ආහාර වෙනු­වෙන් වෙන් කර තිබෙ­නවා. මේ වයස් කාණ්ඩයේ දරු­වන්ට ප්‍රෝටීන බහුල ආහාර දිය යුතුයි. ඒ ගැන විශේෂ අව­ධා­න­යක් යොමු කළ යුතුයි” යැයි ද කීවාය.


විදෙ­ස්ගත කාන්තා ශ්‍රමි­ක­යන්ට දායක විශ්‍රාම වැටු­පක්

මන්ත්‍රිනි සම­න්මලී ගුණ­සිංහ

විදෙ­ස්ගත ශ්‍රමික කාන්තා­වන්ට දායක විශ්‍රාම වැටු­පක් දීමට මෙවර අය-වැයෙන් යෝජනා කර ඇතැයි ජාතික ජන බල­වේ­ගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනි සම­න්මලී ගුණ­සිංහ මහ­ත්මිය පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (08) පැව­සු­වාය.

අය-වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් මන්ත්‍රී­ව­රිය මේ බව කියා සිටි­යාය.

“2023 වසර වන­විට 100,876ක් ලෙස කාන්තා­වන් විදෙ­ස්ගත වීම සිය­යට 33ක් දක්වා ඉහළ ගොස් තිබෙ­නවා. 2024 වන­විට 93,808ක් ගෘහ­සේ­වි­කා­වන් ලෙස විදේ­ශ­ග­තව තිබෙ­නවා. එය ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට 29.9ක්. මැද­පෙ­ර­දි­ගට තමයි වැඩි­පු­රම යන්නේ. 2021 වස­රේදී ප්‍රේෂණ ලෙස මැද­පෙ­ර­දි­ගින් මුළු විදේශ ප්‍රේෂ­ණ­ය­න්ගෙන් සිය­යට 51.7ක් ලැබී තිබෙ­නවා. විදේශ ප්‍රේෂණ එවන ගෘහ­සේ­වි­කා­වන්ගේ ගැටලු තිබෙ­නවා. මිනිස් ජාවා­රම් ලෙස හසුව ඔවුන් හැම­තැ­නම විකි­ණෙ­නවා. නිශ්චිත පුහු­ණු­වක් ඇතිව සේවා­දා­ය­ක­යකු එක්ක ඇති වූ ගිවි­සු­ම­කින් විදේ­ශ­ගත වන්නේ නම් ඒ ගැටලු අඩු­වෙ­නවා. කාන්තා­වන් පුහුණු ශ්‍රමි­ක­යන් ලෙස විදෙ­ස්ගත කිරීම ආණ්ඩුවේ අපේ­ක්ෂාව වෙනවා. මෙරට කාන්තා­වන්ගේ ආර්ථික ක්‍රියා­ව­ලිය ශක්ති­මත් කිරීම සඳහා මුදල් ලබා­දී­මක් අපි කර­නවා. ” යැයි ද කීවාය.


ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධ­න­යෙන් කාන්තාව සවි­බ­ල­ගැ­න්විය යුතුයි

මන්ත්‍රිනි ගීතා හේරත්

කාන්තා ගැටලු හඳු­නා­ගෙන ඒවාට විස­ඳුම් දීම සඳහා ජාතික ජන බල­වේ­ගය ආණ්ඩු­වෙන් සැල­කිය යුතු මුදල් ප්‍රති­පා­දන වෙන් කර තිබෙන බව ජාතික ජන බල­වේ­ගයේ කුරු­ණෑ­ගල දිස්ත්‍රික් මන්ත්‍රිනි ගීතා හේරත් මහ­ත්මිය පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (08) පැව­සු­වාය.

කාන්තා­වට අහි­මිව තිබෙන සංස්කෘ­තික ජීවි­තය ඇයට දීම වෙනු­වෙන් ආණ්ඩුව පෙනී සිටින බව ද මන්ත්‍රී­ව­රිය ප්‍රකාශ කළාය.

අය-වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් මන්ත්‍රී­ව­රිය මේ බව කියා සිටි­යාය.

“කාන්තා හා ළමා කට­යුතු අමා­ත්‍යාං­ශයේ වැය ශීර්ෂ­යේදී මීට පෙර තිබූ විවා­ද­යන්ට වඩා සාධ­නීය බවක් දක්නට ලැබෙ­නවා. අපට වසර පහක කාල­යක් තිබෙ­නවා. ඒ කාලය තුළ දැනට තිබෙන සාධ­නීය මට්ට­ම­කින් ඉදි­රි­යේදී වැය ශීර්ෂ ඉදි­රි­පත් කරන්න පුළු­වන් කියා මේ අව­ස්ථා­වේදී මතක් කරන්න කැමැ­තියි. මේ ලෝකය පව­තින්නේ හිරුගේ කිර­ණින් සහ මවගේ මවු­කි­රි­ව­ලින් කියා මැක්සිම් ගෝර්කි ප්‍රකාශ කර තිබෙ­නවා. එවැනි අව­ස්ථා­වක කාන්තාව මීට වඩා ශක්ති­මත් කළ යුතුයි. ඉදි­රි­යේදී ඒ සඳහා වැඩ­ස­ට­හන් ගණ­නා­වක් සකස් කර තිබෙ­නවා. ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධ­නය තුළින් කාන්තාව සවි­බ­ල­ගැ­න්විය යුතුයි. ඒ සඳහා අය-වැයෙන් ප්‍රති­පා­දන වෙන් කර තිබෙ­නවාÓ යැයි ද කීවාය.


ශක්ති­මත්ම කාන්තා නාය­ක­ත්වය මේ සභා­වට අපි ගෙනාවා

නියෝජ්‍ය ඇමැති නාමල් සුද­ර්ශන

ඉති­හා­සයේ කව­ර­දා­ක­ටත් වඩා ශක්ති­මත් කාන්තා නාය­ක­ත්ව­යක් මේ සභාව තුළට ගෙන­ඒ­මට ජාතික ජන බල­වේ­ග­යට හැකි වී තිබෙන බව කාන්තා සහ ළමා කට­යුතු නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය නාමල් සුද­ර්ශන මහතා පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (08) පැව­සීය.

අය-වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් මන්ත්‍රී­ව­රයා මෙසේ ද පැව­සු­වේය.

“මුල් ළමා­විය සංව­ර්ධ­නය යන විෂය ඉති­හා­සය තුළ වැඩි අව­ධා­න­යක් යොමු කර තිබුණේ නැහැ. නමුත් අපේ ආණ්ඩු­වෙන් ඒ ගැන අව­ධා­නය යොමු කර තිබෙ­නවා. පෙර පාසල් ක්ෂේත්‍රය තුළ පම­ණක් නොව ඊට අඩු වයස් දරු­වන් ගැන විශේෂ අව­ධා­නය යොමු කළ යුතුයි. අවු­රුදු පහට අඩු දරු­වන් තුළ තමයි වැඩි­පු­රම මොළය වර්ධ­නය වන්නේ. 17,000ක් පමණ පූර්ව ළමා­විය සම්බන්ධ මධ්‍ය­ස්ථාන රට තුළ ක්‍රියා­ත්මක වෙනවා. මේ දරු­වන් සඳහා රුපි­යල් 60ක ආහාර වේලක් සඳහා මීට පෙර ආණ්ඩු­ව­ලින් මුදල් වෙන් කර තිබුණා. එය රුපි­යල් 100ක් දක්වා ඉහළ නැංවී­මට අපේ ආණ්ඩුව පිය­වර ගෙන තිබෙ­නවා. දරු­වන් 150,000කට පමණ මේ මුදල් වෙන් කර තිබෙ­නවා. පෙර පාස­ල්වල හඳු­නා­ගත් ප්‍රශ්න ක්‍රමි­කව විස­ඳී­ම­ටත් අපි පිය­වර ගෙන තිබෙ­නවා” යැයි ද කීවේය.


ඉදිරි වසර 5 තුළදී කාන්තා­වට හිමි නිසි තැන දෙනවා

මන්ත්‍රිනි හසාරා ලිය­නගේ

සමා­ජය තුළ කාන්තා­වට ලැබිය යුතු ස්ථානය ඉදිරි වසර පහ තුළදී ලබා­දීම වත්මන් ආණ්ඩුවේ ඉල­ක්කය බව ජාතික ජන බල­වේ­ගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනි හසාරා ලිය­නගේ මහ­ත්මිය පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (08) පැව­සු­වාය. කාන්තා­වගේ අභි­මා­නය ප්‍රශ්න නොක­රන තැනට මේ සමා­ජය ගෙනා­යුතු බවත් කාන්තාව සතු­ටින් සිටින්නේ නම් සමා­ජ­යම සතු­ටින් සිටින බවත් මන්ත්‍රී­ව­රිය පැව­සු­වාය.

අය-වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් මන්ත්‍රී­ව­රිය මේ බව කියා සිටි­යාය.

“ලෝක කාන්තා දිනය යෙදී තිබෙන අද වගේ දිනක මේ සභාව තුළ කතා කිරී­මට ලැබීම ගැන හරිම සතු­ටුයි. කාන්තා දිනය යනු සැම­රී­මක් පම­ණක් නෙවෙයි. කාන්තා­වන්ට තිර­සර ජීවි­ත­යක් ගොඩ­නැ­ඟී­මට නම් මූල්‍ය ස්ථාව­ර­යක් ඇයට තිබිය යුතුයි. කාන්තා මූලික ගෘහ ඒකක සවි­බ­ල­ගැ­න්වී­මට අපේ ආණ්ඩු­වෙන් පිය­වර ගෙන තිබෙ­නවා. ගෘහ ආදා­යම් හා සමී­ක්ෂණ වාර්තා අනුව අද වන­විට සිය­යට 30ක පමණ සංඛ්‍යා­වක් කාන්තාව මෙරට ආර්ථි­ක­යට දායක වෙනවා.” යැයි කීවාය.


පිරි­මින්ගේ ලෝකයේ කාන්තාව පුංචි චරි­ත­යක්

මන්ත්‍රිනි රෝහිණි කුමාරි කවි­රත්න

පිරි­මින්ගේ ලෝකය තුළ කාන්තාව පුංචි චරි­ත­යක් බව මාතලේ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි කවි­රත්න මහ­ත්මිය පෙරේදා (08) පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රකාශ කළාය.

පාර්ලි­මේන්තු මන්ත්‍රිනි රෝහිණි කවි­රත්න මහ­ත්මිය මේ බව සඳ­හන් කළේ 2025 වසර සඳහා වන අය-වැය කාරක සභා අව­ස්ථාවේ විවා­ද­යේදී කාන්තා හා ළමා කට­යුතු අමා­ත්‍යාං­ශයේ වැය ශීර්ෂය පිළි­බඳ විවා­ද­යට එක්වෙ­මිනි.

“ආග­මක්, ජාති­යක්, රටක්, දේශ­යක් නොමැ­තිව සමස්ත ලෝකය තුළම ගෘහස්ථ හිංස­නය සිදු­වන අතර ගෘහස්ථ හිංස­න­යට ලක්වන කාන්තාව එම හිංස­න­යට ලක් වන්නේ අනෙක් පාර්ශ්වයේ ගැට­ලු­වක් නිසා මිස කාන්තා­වගේ ගැටලු නිසා නොවෙයි. ගැහැනු ළම­යින් සිය­යට 90ක් පොදු ප්‍රවා­හ­න­යේදී ලිංගික හිංස­න­යට ලක්වන අතර වාචික හිංස­න­යට ද ලක්වෙ­නවා. මේ කිසි­ව­කට වැර­දි­ක­රු­වන් වන්නේ කාන්තා­වන් නොවේ. සෑම කාන්තා­වන් 05දෙන­කු­ගෙන් කෙනෙක් තම සමීප සහ­ක­රු­වාගේ කායික හෝ ලිංගික හිංස­න­යට ලක්වෙ­නවා.

කාන්තා දිනය දව­සේත් පාර්ලි­මේ­න්තු­වේදී කාන්තා­වන්ගේ කාලය වැඩි­පුර විය­දම් කළා. මේ සියල්ල පිරි­මින්ගේ ආක­ල්ප­වල ගැට­ලු­වක්. නීති හදන” ක්‍රියා­ත්මක කරන තැන්වල ඉන්න අයගේ ගැට­ලු­වක්. 2022 වසරේ විත­රක් ස්ත්‍රී දූෂණ 1986ක්. දළ වශ­යෙන් දින­කට වාර්තා වන දූෂණ 05ක්. වාර්තා වන ස්ත්‍රී දූෂ­ණ­ව­ලින් සිය­යට 87ක වින්දි­ත­යන් වන්නේ වයස අවු­රුදු 16ට අඩු ගැහැනු දරු­වන්. 2023 අවු­රුද්දේ අවු­රුදු 16ට අඩු ගැබ්ගැ­නීම් 163යි. 2024 එය 213ක්. 213 ඇතුළෙ ඉන්නවා අවු­රුදු 10ක ගෑනු ළම­ය­කුත්” යැයි ද කීවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT