යාපනය මූලස්ථාන පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ පුතා සිය පියාගේ නම විකුණා රුපියල් 20,000ක අල්ලසක් ලබා ගැනීම හේතුවෙන් පියාට වහාම ක්‍රියාත්මක වන පරිදි අද (10) සිට මුලතිව් පොලීසියට ස්ථාන මාරුවක් ලබා දී තිබේ.
බීමත්ව රිය ධාවනය කළ පුද්ගලයකුට එරෙහිව නඩු පැවරීම තම පියාට දන්වා වළක්වා දෙන බව පවසමින් මෙම ස්ථනාධිපතිවරයාගේ පුතා වැරදිකරුගෙන් රුපියල් 20,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන තිබේ. නමුත් පොලීසිය එම රියැදුරාට එරෙහිව නඩු දැමීමෙන් පසුව ඔහුට රුපියල් 25,000ක දඩයක් නියම කොට මාස 9ක කාලයකට රියැදුරු බලපත්‍රය ද අවලංගු කොට ඇත. පසුව එම රියැදුරා යාපනය පොලීසිය වෙත පැමිණ සිද්ධිය විස්තර කොට පොලීසියට පැමිණිලි කොට තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කිරීමෙන් අනතුරුව පියා සිය පුතාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අදාළ වැඩබලන ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙසේ මුලතිව් ප්‍රදේශයට මාරු කොට තිබේ.