Home » ඌරන් දඩ­යමේ ගිහින් විදු­ලි­ සර වැදී මිය­ගිය දඩ­යම් සගයා පාළු ළිඳකට දමා පස් දාලා වහලා

ඌරන් දඩ­යමේ ගිහින් විදු­ලි­ සර වැදී මිය­ගිය දඩ­යම් සගයා පාළු ළිඳකට දමා පස් දාලා වහලා

මස­කට පසු සිරුර ගොඩ­ගනී

by damith
March 10, 2025 4:12 pm 0 comment

කර­න්දෙ­ණිය සමූහ අනු­රාධ ප්‍රිය­ද­ර්ශන

විදුලි රැහැන් ඇද උගුල් අටවා ඌරන් මැරී­මට ගිය තම මිතුරා විදු­ලි­ සර වැදී මැරුණු පසු ඔහුව පාළු ළිඳ­කට පස් දමා වැසූ පුද්ග­ල­යකු ඉකුත් 6 වැනිදා රාත්‍රියේ කර­න්දෙ­ණිය, දෙම­ට­ග­හ­කන්ද ප්‍රදේ­ශ­යේදී සැක­පිට ප්‍රශ්න කිරීම සඳහා අත්අ­ඩං­ගු­වට ගත් බව ඇල්පි­ටිය පොලී­සිය පව­සයි.

කර­න්දෙ­ණිය, දෙම­ට­ග­හ­කන්ද ප්‍රදේ­ශයේ පදිංචි තිදරු පියකු වන මිය­ගිය වලවි දූරගේ චන්ද්‍ර­ති­ලක නමැති 45 හැවි­රිදි අයගේ මළ සිරුර මෙසේ පාළු ළිඳ­කට දමා පස්ව­ලින් වසා ඇති බව සැක­ක­රු­ගෙන් කරන ලද ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණ­යවූ බව ද පොලී­සිය පව­සයි.

මිය­ගිය තැනැ­ත්තාගේ භාර්යාව වන කර­න්දෙ­ණිය” දෙම­ට­ග­හ­කන්ද ප්‍රදේ­ශයේ පදිංචි මොහො­මඩ් ලෙබ්බේ මොහො­මඩ් තුෂානි නන්දිකා යන අය විසින් තම පුරු­ෂයා ඉකුත් පෙබ­ර­වාරs 06 වැනිදා සවස් කාලයේ සිට අතු­රු­දන්වී ඇති බවට පෙබ­ර­වාරී 14 වැනිදා ඇල්පි­ටිය පොලිස් ස්ථානය වෙත පැමි­ණි­ල්ලක් සිදු­කර තිබේ.

ලද තොර­තු­ර­කට අනුව මේ අතු­රු­දන් පුද්ග­ලයා සමඟ නිතර විදු­ලිය යොදා ඌරන් මැරී­මට යන සැක­ක­රු­ගෙන් කරන ලද ප්‍රශ්න කිරී­මේදී සැක­කරු විසින් වල් ඌරන් දඩ­යම් කිරීම සිදු­ක­රන අව­ස්ථා­වේදී ඔහු ඇද තිබූ විදුලි රැහැනේ පැටලී තමා සමඟ වල් ඌරන් මැරී­මට ගිය සගයා මිය­ගොස් සිටි බවත්, පසුව ඔහුගේ මර­ණය වසන් කිරීම සඳහා දෙම­ට­ග­හ­කන්ද, නව­ද­ගල පදිංචි චමින්ද සමන් කුමාර අයගේ ඉඩමේ පිහිටි පරණ ළිඳට දමා පස්ව­ලින් වසා දැමූ බවත් සැක­කරු අනා­ව­ර­ණය කළ බවද පොලී­සිය පව­සයි.

බැකෝ යන්ත්‍ර­යක් මඟින් ළිඳ අවට පස් හාරා, දේහය ගොඩ­නැ­ගීමේ කට­යුතු සිදු කර ඇත.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් සැක­පිට ප්‍රශ්න කිරීම සඳහා අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු කර­න්දෙ­ණිය, දෙම­ට­ග­හ­කන්ද, නව­ද­ගල පදිංචි 38 හැවි­රිදි අයකු බවත් පොලී­සිය පව­සයි.

මිය­ගිය අයගේ සිරුර ගොඩ­ගැ­නීම ඇල්පි­ටිය මහේ­ස්ත්‍රාත් මහේ­ෂිකා වාසි­ලගේ මහ­ත්මි­යගේ සහ ඇල්පි­ටිය විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි චමිල් ආරි­ය­රත්න මහතා ඉදි­රියේ සිදු කළ අතර සිරුර ඒ වන­වි­ටත් විනාශ වෙමින් තිබුණි. මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණ­යෙන් පසුව පශ්චාත් මරණ පරී­ක්ෂ­ණයේ සඳහා මිය­ගිය අයගේ සිරුර ඇල්පි­ටිය මූලික රෝහලේ මෘත ශරී­රා­ගා­රය වෙත රැගෙන යන ලදි.

ඇල්පි­ටිය මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඒ විජේ­සිංහ, අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක රාජ­පක්ෂ යන නිල­ධා­රීහු මේ පිළි­බ­ඳව පරී­ක්ෂණ පව­ත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT