මාර්තු මස 14 හා 15 යන දිනවලදී පැවැත්වෙන කච්චතිව් මංගල්‍යය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ කටයුතු මේ දිනවල නාවික හමුදාව විසින් ආරම්භ කොට තිබේ.
කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනී දෙව් මැඳුරේ පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් සඳහා පානීය ජලය, වැසිකිළි කැසිකිළි පහසුකම් හා වෙනත් සනීපාරක්ෂක පහසුකම් හා වෛද්‍ය පහසුකම් ද ආහාර පානද සපයා දෙනු ලබන්නේ නාවික හමුදාව විසිනි.
කෙසේ වෙතත් මෙවර කච්චතිව් මංගල්‍යයට ලක්ෂයකට වඩා වැඩි බැතිමතුන් පිරිසක් සහභාගි වෙනු ඇතැයි අපේක්ෂා කළ නමුත් ඉන්දියාවේ සිට පැමිණීමට නියමිතව ඇත්තේ බැතිමතුන් 4328ක් පමණකි.
ශ්‍රී ලංකාවෙන්ද සහභාගි වන බැතිමතුන් සංඛ්‍යාව 7000ක් නොඉක්මවන නිසා මෙවර මංගල්‍යයට ඉතා අඩු සහභාගිත්වයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
කෙසේ වෙතත් මෙවර කච්චතිව් බලා යන බැතිමතුන්ට යාපනයේ කුරීකඩ්ඩුවාන් ජැටියේ සිට හා ඩෙල්ෆ්ට් සිට 13 වැනිදා සවස දක්වා බෝට්ටු පහසුකම් සලසා ඇති අතර එහිදී කුරීකඩ්ඩුවාන් සිට කච්චතිව් දක්වා ගමන් කිරීමට එක් අයෙකුට ගාස්තුව රුපියල් 1300ක් ද ඩෙල්ෆ්ට් සිට රුපියල් 1000ක් ද වශයෙන් ගාස්තු නියම කොට තිබේ.