Home » වැලි­කන්ද-ගල්කන්ද ලංගම බසය ධාව­නය නොවී­මෙන් සාමාන්‍ය පෙළ සම්ම­න්ත්‍ර­ණ­ය­කට ගිය පිරි­සක් අත­ර­මඟ

වැලි­කන්ද-ගල්කන්ද ලංගම බසය ධාව­නය නොවී­මෙන් සාමාන්‍ය පෙළ සම්ම­න්ත්‍ර­ණ­ය­කට ගිය පිරි­සක් අත­ර­මඟ

by damith
March 10, 2025 4:11 pm 0 comment

සිරි­පුර - මදු­ශානි අබේ­සිංහ

ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලයේ පොලො­න්න­රුව ඩිපෝ­වට අයත් වැලි­කන්දේ සිට ගල්කන්ද දක්වා ගමන් කරන බස් රථයේ රියැ­දුරු සහ රිය සහා­යක බීම­තින්, වැලි­කන්ද ඩිපෝවේ විවේ­කා­ගා­රයේ වැටී සිටීම හේතු­වෙන් වැලි­කන්දේ සිට ගල්කන්ද දක්වා ගමන් කිරී­මට බස් රථ­යක් නොමැ­ති­ක­මෙන් සාමාන්‍ය පෙළ සම්ම­න්ත්‍ර­ණ­ය­කට පෙනී සිටි සිසුන් සහ මඟින් පිරි­සක් පෙරේදා (08) වැලි­කන්ද පොලී­සියේ ජීප් රථ­ය­කින් රැගෙන යෑමට කට­යුතු කෙරිණි.

ගල්කන්ද ප්‍රදේ­ශ­යට, වෙනත් කිසිදු බස් රථ­යක් ගමන් නොක­රන අතර එම ප්‍රදේ­ශයේ ජන­තා­වට ගමන් කිරී­මට තිබූ එකම බස් රථය මෙය වේ.

විවේ­කා­ගා­රය තුළ සිටින කොන්දො­ස්ත­ර­

විවේ­කා­ගා­රය තුළ සිටින කොන්දො­ස්ත­ර­

එම බස් රථයේ කොන්දො­ස්ත­ර­ව­රයා විවේ­කා­ගා­රයේ සිටි­යදී රියැ­දුරු, බස් රථයේ යතුර ද දමා පැන­ගොස් ඇති බවද, ඒ පිළි­බඳ පරී­ක්‍ෂණ සිදු­ක­රන වැලි­කන්ද පොලී­සිය සඳ­හන් කරයි.

මෙම බස් රථය වැලි­කන්ද නග­ර­යෙන් ගල්කන්ද ප්‍රදේ­ශ­යට සවස දෙකයි තිහට පිට­ත්වී­මට නිය­මි­තව තිබූ අතර රියැ­දුරු සහ බස් රථයේ කොන්දො­ස්ත­ර­ව­රයා බීමත්ව සිටීම නිසා අවස්ථා දෙක­කදී මගී ජන­තා­වට එම ප්‍රදේ­ශ­යට යෑමට සහ වැලි­කන්ද නග­ර­යට ඒමට නොහැකි වූ බව ද පොලී­සිය පව­සයි.

මෙම සිද්ධිය හේතු­වෙන් මෙවර සාමාන්‍ය පෙළ විභා­ගයේ සම්ම­න්ත්‍ර­ණ­ය­කට මන­ම්පි­ටිය විද්‍යා­ල­යට ගොස් ආපසු වැලි­කන්ද නග­ර­යට පැමිණි මුස්ලිම් සිසුන් පිරි­ස­කට නිවෙස් වෙත යෑමට, ප්‍රමාද වීමෙන් ඉස්ලාම් ආගම ඇද­හීමේ කට­යුත්ත ද බස් නැව­තු­ම්පොළේ සිදු කිරී­මට සිදුවු බව වාර්තා වේ.

අන­තු­රුව පොලිස් කැබ් රථය මඟින් සිසුන් ඇතුළු මගීන් 25 දෙනෙකු වැලි­කන්ද, ගල්කන්ද හා කුඩා­පො­කුණ ප්‍රදේ­ශ­යට රැගෙන යාමට කට­යුතු කෙරිණි.

වැලි­කන්දේ සිට ගල්කන්ද දක්වා ධාව­නය වන එකම බස් රථයේ රියැ­දුරු සහ කොන්දො­ස්ත­ර­ව­රයා බීමත්ව සිටි සිද්ධිය පිළි සම්බ­න්ධ­යෙන් ඊයේ (09) ගල්කන්දේ සිට වැලි­කන්ද නග­ර­යට පැමි­ණී­මට බස් රථ­යක් නොමැ­ති­වීම හේතු­වෙන් මගීහු දැඩි දුෂ්ක­ර­තා­වට පත්ව සිටි­යහ.

මේ වන­විට එම බස් රථය වැලි­කන්ද පොලිස් ක්‍රීඩාං­ග­ණයේ ගාල්කර තිබෙන අතර රජයේ දේප­ළක් නිසා එම බස් රථය පොලිස් භාරයේ තැබී­මට කට­යුතු කර තිබෙන බව ද වැලි­කන්ද පොලී­සිය සඳ­හන් කරයි.

අප මේ පිළි­බ­ඳව ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලයේ පොලො­න්න­රුව ඩිපෝ අධි­කාරි ප්‍රේම­සිරි ගුණ­ව­ර්ධන මහ­තා­ගෙන් දුර­ක­ත­න­යෙන් කළ විම­සී­ම­කදී ඔහු කීවේ එම සිද්ධිය සම්බ­න්ධව පොලී­සි­යට පැමි­ණි­ල්ලක් යොමු කිරී­මට කට­යුතු කර ඇති බවත්, රියැ­දුරු සහ කොන්දො­ස්තර බීමත්ව සිටි­නවා ද නැද්ද යන්න නිශ්චිත වශ­යෙන් කිව නොහැකි බවත්, එම දෙදෙ­නාගේ ක්‍රියා­ක­ලා­පය සම්බ­න්ධව පරී­ක්ෂ­ණ­යක් සිදු­කර ඔවුන්ට විරු­ද්ධව නීත්‍යා­නු­කූ­ලව කට­යුතු කිරී­මට පිය­වර ගන්නා බවයි.

වැලි­කන්ද ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එල්.පී.ජේ. කුමා­ර­සිංහ මහ­තා­ගෙන් දුර­ක­ත­න­යෙන් කළ විම­සී­ම­කදී පැව­සුවේ, රාත්‍රියේ දී එම දරු­වන්ගේ සහ මගීන්ගේ ආර­ක්ෂාව උදෙසා පොලිස් කැබ් රථ­ය­කින්, ඔවුන් ගම්ව­ලට රැගෙන යාමට කට­යුතු කළ බවත්, පොලො­න්න­රුව ඩිපෝ­වෙන් කළ පැමි­ණි­ල්ලට අනුව ඉදිරි පිය­වර ගැනී­මට කට­යුතු කරන බවයි. රියැ­දුරු සහ බස් කොන්දො­ස්ත­ර­ව­රයා පිළි­බඳ මෙතෙක් තොර­තු­රක් වාර්තා වී නොමැති බව ද හෙතෙම පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT