Home » ස්ත්‍රී පුරුෂ අස­මා­න­තාව වහා ඉවත් කර­න්නැයි ජාත්‍ය­න්තර කාන්තා දින­යේදී පාකි­ස්තා­නයේ රැලි­යක්

ස්ත්‍රී පුරුෂ අස­මා­න­තාව වහා ඉවත් කර­න්නැයි ජාත්‍ය­න්තර කාන්තා දින­යේදී පාකි­ස්තා­නයේ රැලි­යක්

by Gayan Abeykoon
March 11, 2025 4:02 pm 0 comment

පාකි­ස්තා­නයේ අඛ­ණ්ඩව සිදු­වන ස්ත්‍රී පුරුෂ අස­මා­න­තාව සහ කාන්තා හිංස­නය වැළැ­ක්වී­මට පිය­වර ගන්නා ලෙස ජාත්‍ය­න්තර කාන්තා දින­යේදි එරට මානව හිමි­කම් සංවි­ධා­නය විශේෂ රැලි­යක් පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකි­ස්තාන මානව හිමි­කම් සංවි­ධා­නය සහ තායි­වාන ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පද­නම ඒකා­බ­ද්ධව එම සැම­රුම් රැලිය පවත්වා ඇති අතර, සිය­ලුම කාන්තා­වන් සහ ගැහැනු දරු­වන් සඳහා අයි­ති­වා­සි­කම්, සමා­නා­ත්ම­තාව හා සවි­බල ගැන්වීම යන එක්සත් ජාතීන්ගේ තේමාව යටතේ කාන්තා­වන්ට යුක්තිය ඉටු කරන ලෙස පාකි­ස්තාන රජ­යෙන් ඉල්ලී­මක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. ස්ත්‍රී පුරුෂ සමා­නා­ත්ම­තාව මූලික මානව අයි­ති­යක් බවත්, ආර්ථික හා සමා­ජීය වර්ධ­නයේ ප්‍රධාන සාධ­ක­යක් බවත් පෙන්වා දෙමින් පාකි­ස්තාන මානව හිමි­කම් සංවි­ධා­නයේ සභා­පති නවිඩ් වෝල්ටර් අව­ධා­ර­ණය කර ඇත්තේ වෘත්තීය වෙන් කිරීම්, වැටුප් පර­ත­ර­යන්, අධ්‍යා­ප­නය හා සෞඛ්‍ය සේවා වැනි අත්‍ය­වශ්‍ය සේවා­වන් සඳහා පාකි­ස්තා­නයේ කාන්තා­වන්ට ලැබී ඇත්තේ සීමිත අව­ස්ථා­වක් බවය. පාකි­ස්තා­නයේ හින්දු සහ කතෝ­ලික සුළු­තර ප්‍රජා­වට අයත් කාන්තා­වන් මුහුණ දෙන දුෂ්ක­රතා සහ අර්බුද සම්බ­න්ධ­යෙන් ද මෙහිදී අව­ධා­න­යට ලක්වී ඇතැයි වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT