Home » කෙහෙ­ළියගේ නිවාස වන්දියේ ලක්ෂ 959ක් අත්හි­ටවූ ගිණුමකට බැරවෙලා

කෙහෙ­ළියගේ නිවාස වන්දියේ ලක්ෂ 959ක් අත්හි­ටවූ ගිණුමකට බැරවෙලා

මුදාහරින්නැයි නීතිඥයන් කළ  ඉල්ලීම සලකා බැලීම 17දා

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

චන්දන ජය­වීර

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැ­ල්ලගේ නිවෙස ඇතුළ දේපො­ළ­ව­ලට සිදුවූ හානිය වෙනු­වෙන් පසු­ගිය ආණ්ඩුව විසින් ගෙවන ලද රුපි­යල් ලක්ෂ 959ක වන්දි මුදල සහ පාර්ලි­මේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අත්හි­ටු­වන ලද ගිණු­ම­කට බැරව තිබෙන බැවින් එය මුදා හරින ලෙස ඔහුගේ නීති­ඥ­යන් ඊයේ (11දා) මෝස­මක් මාර්ග­යෙන් කොළඹ මහා­ධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

එම ගිණු­මට විවිධ මූලා­ශ්‍ර­ව­ලින් මුදල් ලැබී තිබෙන බැවින් ඒවා සම්බ­න්ධ­යෙන් කොමි­සම සිදු­ක­රන විම­ර්ශන අව­සන්ව නොමැති බව අල්ලස් කොමි­සම වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රිය අධි­ක­ර­ණ­යට වාර්තා කළාය.

දෙපා­ර්ශ්වය ඉදි­රි­පත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු ආදි­ත්‍යය පට­බැඳි මහතා මෙම බැංකු ගිණුම අත්හි­ටු­ව­මින් නිකුත් කර තිබෙන නියෝ­ගය ඉවත් කරන්නේ ද? නැද්ද? යන්න ලබන 17 වැනිදා ප්‍රකා­ශය කරන බව නියෝග කළේය.

අල්ලස් කොමි­සම විසින් සිදු­ක­රන විම­ර්ශ­න­ය­කට අදා­ළව කළ කරුණු දැක්වී­මක් අනුව කොළඹ මහා­ධි­ක­ර­ණය විසින් හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැ­ල්ලට අයත් රුපි­යල් ලක්ෂ 200කට අධික වටි­නා­ක­මක් සහිත ජංගම සහ ස්ථාවර බැංකු තැන්පතු ගිණුම් 2ක් අත්හි­ටුවා ඇත.

මෙම නඩු­ක­රය කැඳවූ අව­ස්ථා­වේදී කෙහෙ­ළිය රඹු­ක්වැල්ල වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් අර­ගල සමයේ තම සේවා­දා­ය­ක­යාගේ නි‍ෙවස ගිනි තැබීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් ලැබුණු රුපි­යල් ලක්ෂ 959ක වන්දි මුදල හා ඔහුගේ විශ්‍රාම වැටුප දැනට අධි­ක­ර­ණය මඟින් අත්හි­ටුවා තිබෙන රාජ්‍ය බැංකු­වක පාර්ලි­මේන්තු ශාඛාවේ පිහිටි ගිණු­මට බැරව ඇතැයි කියා සිටි­යේය.

එබැ­වින් අදාළ බැංකු ගිණු­මට පනවා තිබෙන තහ­නම ඉවත් කරන ලෙස වග­උ­ත්ත­ර­ක­රුගේ නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලී­මක් කළේය. එම ඉල්ලීම පිළි­බඳ නියෝ­ගය ලබන 17දා ප්‍රකාශ කිරී­මට දින නියම විය.

වග­උ­ත්ත­ර­කරු වෙනු­වෙන් කෙ‍හෙළිය රඹු­ක්වැ­ල්ලගේ දිය­ණිය වන චමිත්‍රී ජය­නිකා රඹු­ක්වැල්ල මෝස­මක් ගොනු කර­මින් මෙම ඉල්ලීම කළාය. කොළඹ මහා­ධි­ක­ර­ණය වග­උ­ත්ත­ර­ක­රුගේ බැංකු ගිණු­ම්ව­ලට අම­ත­රව ඔහුගේ පවුලේ උද­වි­යට අයත් තවත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක්, රක්ෂණ ඔප්පු 3ක් මේ වන විට අත්හි­ටුවා තිබේ. ඒවායේ වටි­නා­කම රුපි­යල් 9,71,25,000කට වැඩිවේ.

2023 අංක 9 දරන අල්ලස් හෝ දූෂණ විරෝධී පනතේ 53(1) වැනි වග­න්තිය අනුව මුදල් විශු­ද්ධි­ක­රණ නමැති වරද සිදු කිරීමේ චෝද­නාව යටතේ හිටපු ඇමැති කෙහෙ­ළිය බණ්ඩාර දිසා­නා­යක රඹු­ක්වැල්ල, ඔහුගේ බිරිය වන කුසුම් ප්‍රිය­ද­ර්ශනී ඈපා වීහේන සහ දරු­වන් වන චමිත්‍රී ජය­නිකා රඹු­ක්වැල්ල, චනුලා රමාලී රඹු­ක්වැල්ල, අමාලී නය­නිකා රඹු­ක්වැල්ල හා බෑනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ග­ස්දෙ­ණිය යන අයට අයත් දේපළ මෙම නියෝ­ගය අනුව අත්හි­ටුව තිබේ.

චමිත්‍රී ජය­නිකා රඹු­ක්වැල්ල මහ­ත්මිය පසු­ගිය පෙබ­ර­වාරි 24දා මෝස­මක් ගොනු කර­මින් අත්හි­ටු­වන ලද දේප­ළ­ව­ලට අදාළ සියලු ලේඛ­න­වල සහ­තික කළ පිට­පත් අධි­ක­ර­ණ­යෙන් ලබා ගැනී­මට කළ ඉල්ලී­මට අධි­ක­ර­ණය අව­සර දෙන ලදි.

අල්ලස් හෝ දූෂණ කොමි­සමේ සහ­කාර අධ්‍යක්ෂ (නීති) තුසිතා ජය­නෙත්ති මහ­ත්මිය පැමි­ණිල්ල වෙනු­වෙන් පෙනී සිට ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT