Wednesday, March 26, 2025
Home » මැති ඇමැ­ති­ව­රුන්ගේ ගිනි­ ගත් නිවා­ස­ව­ලට අනී­ති­කව ගෙවූ මුදල් අය­කර ගන්නැයි පෙත්ස­මක්

මැති ඇමැ­ති­ව­රුන්ගේ ගිනි­ ගත් නිවා­ස­ව­ලට අනී­ති­කව ගෙවූ මුදල් අය­කර ගන්නැයි පෙත්ස­මක්

by Gayan Abeykoon
March 12, 2025 4:08 pm 0 comment

නෙල්කා මැද­ගෙ­දර

ගාලුමුව­දොර ගෝඨා ගෝ ගම අර­ග­ල­යට 2022 වස­රේදී පහ­ර­දීමේ සිද්ධි­යෙන් පසුව රට­පුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා­ව­ලදී  ගිනි ගැනී­මට සහ විනා­ශ­යට පත් නිවාස  සහ දේප­ළ­ව­ලට  වන්දි  වශ­යෙන්  පසු­ගිය රජය විසින් මැති ඇමැ­ති­වරු ඇතුළු පිරි­ස­කට    අනී­තික ලෙස  ගෙවා ඇති මහ­ජන මුදල්  නැවත අය­කර ගැනී­මට පිය­වර  ගන්නා ලෙස නියෝ­ග­යක්  නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් ඊයේ (11) ඉදි­රි­පත් කරන ලදී.

එලෙස  මැති ඇමැ­ති­වරු ඇතුළු පිරි­සට වන්දි ගෙවීමේ  දී මහ­ජන මුදල් අව­භා­වි­තා­වක් සිදුවී ඇති බැවින් ඒ පිළි­බඳ විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස මහ­ජන ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා, එම අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා, වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා සහ නීති­ප­ති­ව­රයා වෙත නියෝ­ග­යක් නිකුත් කරන ලෙසද මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.

සමාජ ක්‍රියා­කා­රි­ක­යකු මෙන්ම පරි­ස­ර­වේ­දි­යකු වන නීතිඥ ආචාර්ය රවි­න්ද්‍ර­නාත් දාබරේ මහතා විසින් පෙත්සම  ගොනු කරන ලදී.

හිටපු ආර­ක්ෂක ඇමැති  ගෝඨා­භය රාජ­පක්ෂ,  හිටපු ආර­ක්ෂක ලේකම් විශ්‍රා­මික යුද හමුදා මේජර් ජෙන­රාල් කමල් ගුණ­රත්න,  හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩ­ලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා,  හිටපු පොලි­ස්පති චන්දන වික්‍ර­ම­රත්න,  හිටපු මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍ය­ව­රුන් වන ටිරාන් අලස් සහ ප්‍රසන්න රණ­තුංග,  වත්මන් වැඩ­බ­ලන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය,  වත්මන් මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ආනන්ද විජේ­පාල,   නීති­ප­ති­ව­රයා  ඇතුළු 15 දෙනකු  මෙම පෙත්ස­මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ වෙති. 2022 වසරේ මැයි මස 09 වැනිදා අර­ගල භූමි­යට පහ­ර­දී­මෙන් අන­තු­රුව ඇති වූ ක්‍රියා හේතු­වෙන් නිවාස විනාශ වූ හිටපු මැති ඇමැ­ති­වරු ඇතුළු 43 දෙන­කුට පසු­ගිය රජය විසින් වන්දි වශ­යෙන් රුපි­යල් බිලි­යන 1.22ක මුද­ලක් ගෙවා තිබෙන බව ඉකුත් පෙබ­ර­වාරි මස 05 වැනිදා ඇමැති  නලින්ද ජය­තිස්ස මහතා පාර්ලි­මේ­න්තු­වේදී සඳ­හන් කළ බව පෙත්ස­මෙහි සඳ­හන් වේ.

එහිදී  මහ­ජන මුදල්  දැඩි ලෙස අව­භා­විත වී  ඇති  බවට පෙත්ස­ම්කරු චෝදනා කර සිටියි.

ස්වාභා­වික ආප­දා­ව­කදී පවා දේපළ විනාශ වීම වෙනු­වෙන් එක් පුද්ග­ල­ය­කුට ගෙවිය හැකි උප­රිම වන්දි මුදල රුපි­යල් මිලි­යන 2.5ක් බව පෙත්සම මඟින් පෙන්වා  දී ඇත.

එසේ තිබිය දී එම නීති­මය සීමාව ඉක්මවා යමින්  මැති ඇමැ­ති­වරු ඇතුළු පිරි­ස­කට   වන්දි ගෙවී­මට ඉකුත් රජය විසින්  කට­යුතු කර ඇති  බව එම  ප්‍රකා­ශය තුළින් අනා­ව­ර­ණය වූ බව පෙත්සම මඟින් පෙන්වා  දී ඇත.

නීත්‍ය­නු­කූ­ලව හිමි විය යුතු මුද­ලට වඩා ඉතා වැඩි ප්‍රමා­ණ­යක් විවිධ දේශ­පා­ලන බලය අව­භා­විත කර­මින්  එව­කට සිටි මැති ඇමැ­ති­ව­රුන්   ලබා­ගෙන ඇති බව ද  මහ­ජන මුදල් අව­භා­විත කර ඇති  බව ද  ඉතා පැහැ­දිලි බව පෙත්ස­ම්කරු කියයි.

රටේ නීතියේ ආධි­ප­ත්‍යය තහ­වුරු කිරීමේ වග­කීම රජය වෙත පැවරී තිබෙන අතර  2022 වසරේ මැයි මස 09  වනදා එම වග­කීම ඉටු­කි­රී­මට එවක  ජනා­ධි­ප­ති­ව­රයා  සහ ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා   ලෙස කට­යුතු කළ ගෝඨා­භය රාජ­පක්ෂ සහ එව­කට සිටි  මහ­ජන ආර­ක්ෂක ඇමැ­ති­වරු  ඇතුළු ආර­ක්ෂක බල­ධා­රීන්  අස­මත් වූ බව ද පෙත්ස­මෙහි සඳ­හන් වේ.

රටේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා මැඩ පැවැ­ත්වී­මට බල­ධා­රීන් අස­මත් වීම  හේතු­වෙන් රට තුළ අරා­ජික තත්ත්ව­යක් ඇති වූ  බව පෙත්ස­මෙහි දැක්වෙයි.

අන­තු­රුව  විනා­ශ­යට පත් නිවාස  දේපළ වෙනු­වෙන් වන්දි ලබා දීමට පසු­ගිය රජය කට­යුතු කර ඇති බව  පෙත්ස­ම්කරු විසින් පෙන්වා දී ඇත.

වග­උ­ත්ත­ර­ක­රු­වන්ගේ මෙම ක්‍රියා කලා­පය හේතු­වෙන්   තමන්ගේ මෙන්ම මෙරට  ජන­තා­වගේ  මූලික  අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වී ඇති බවට තීන්දු­වක් ලබා දෙන ලෙස පෙත්ස­ම්කරු ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටියි.

එසේම  අනී­තික ලෙස වන්දි මුදල් ගෙවා තිබෙන මැති ඇමැ­ති­ව­රු­න්ගෙන් එම වන්දි මුදල් යළි අය­කර ගැනී­මට පිය­වර ගන්නා ලෙසත් ඔවුන්ගේ දේපළ සම්බ­න්ධ­යෙන්  තක්සේරු කිරී­මට පිය­වර ගන්නා ලෙසත් නියෝග කරන ලෙස පෙත්ස­ම්කරු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා  ඇත.

දේපළ හානි වූ මැති ඇමැ­ති­ව­රුන්ට විනි­වි­ද­භා­ව­ය­කින් යුත් නීත්‍ය­නු­කූල ක්‍රම­වේ­ද­යක් හරහා වන්දි ගෙවීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කරන ලෙස නියෝ­ග­යක් නිකුත් කරන ලෙසත් පෙත්ස­ම්කරු සිය පෙත්සම් මඟින් ඉල්ලා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT