කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මේ මස 14 සහ 15 යන දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට නාවික හමුදා කටයුතු සූදානම් කර ඇත.
මුහුදු මාර්ගයෙන් කච්චතිව් දූපත වෙත රැගෙන ඒමේ කටයුතු සඳහා යාත්‍රා අඛණ්ඩව යොදවා ඇති බව නාවික හමුදාව පවසයි.
උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ ඇතැයි නාවික හමුදාව සඳහන් කරයි.
මෙම දේව මංගල්‍යය සඳහා පැමිණෙන යාත්‍රා සඳහා තාවකාලික ජැටි ඉදිකිරීම, පානීය ජල පද්ධති ස්ථාපනය කිරීම, සනීපාරක්ෂක පහසුකම් ස්ථාපනය කිරීම, මංමාවත් සකස් කිරීම, විදුලි බල පහසුකම් ස්ථාපනය කිරීම, වෛද්‍ය පහසුකම් ස්ථාපනය ඇතුළු යටිතල පහසුකම් ස්ථාපනය කිරීම පෙරේදා (10) වන විට අවසන් අදියරට පැමිණ තිබුණි.
මෙම උත්සවය සඳහා පැමිණෙන පිරිස් සඳහා සන්නිවේදන පහසුකම් සැපයිම වෙනුවෙන් කච්චතිව් දූපතේ සන්නිවේදන කුලුනක් ස්ථාපනය කීරිමද පෙරේදා (10) සිදු කෙරිණි.
දූපත තුළ සහ වෙරළ ප්‍රදේශයේ බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත කැමරා පද්ධති ස්ථාපනය කිරීමේ කටයුතු ද මේ වන විට සම්පූර්ණ කර ඇති අතර, සියලු යටිතල පහසුකම් ස්ථාපනය කිරීම සඳහා නාවික හමුදාවේ පූර්ණ ශ්‍රම, තාක්ෂණික හා සම්පත් දායකත්වය ලබාදීම, අනෙකුත් රාජ්‍ය ආයතන හා සම්බන්ධීකරණය වෙමින් සිදු කරනු ලබයි.