බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා සහ ඇමැති මණ්ඩලය මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බව හෙතෙම කීවේය.ඒ අනුව අදාළ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද ඇමැතිවරයා පැවසීය.
කොමිෂන් සභාවක් නිර්දේශ ඉදිරිපත් කළාම ඊට ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මඟින් අදාළ ආයතන ක්රියාකාරීත්වයක් වෙන්නට ඕනකමක් තිබෙනවා. පළමුව කරන්න සිදුවන්නේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. ඊට පසුව තමයි ඊළග පියවර ගැන සාකච්ඡා කරන්න ලැබෙන්නේ. ඒ හරහා තමයි කවර ක්‍රියාමාර්ග ගන්නේ ද කියා තීරණය කරන්නේ. මේ මඟින් දේශපාලන වාසි ගන්න පාර්ලිමේන්තුවටම ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. මේ ගැන ඕනෑම තැනක කතා කරන්න පුළුවන්. ලංකාවේ බහුතරයක් බලාපොරොත්තු වෙන ආකාරයටම අපි මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්. එම සාකච්ඡා වැදගත් වේවි ඉදිරි ක්‍රියාමාර්ග ගන්න.”