ලේක්හවුස් ආයතනය පාසල්වලට හඳුන්වා දී ඇති “විදු පියස“ පාසල් නිල පුවත්පත් සහ අන්තර්ජාල e පුවත්පත් නිකුත් කිරීමේ වැඩසටහනේ 12 වැනි පාසල ලෙස තෝරාගත්, හලාවත කාර්මෙල් බාලිකා මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍යාවන් වෙනුවෙන් එක්දින මාධ්‍ය පුහුණු වැඩමුළුවක් ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ දී පසුගියදා (05) පැවැත්විණි. මෙහිදී පාසල් නිල පුවත්පත හා අන්තර්ජාල e පුවත්පත සකස් කිරීමට අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ඔවුන්ට ලබා දුන් අතර පුවත්පත් මුද්‍රණ ක්‍රියාවලිය ප්‍රායෝගිකව දැකබලා ගැනීමේ අවස්ථාව ද ඔවුනට හිමිවිය. ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක ද ඔවුන් නිරත වූ අතර මේ සඳහා විද්‍යාලයේ නිල පුවත්පත් මාධ්‍ය කණ්ඩායම හා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය භාර ගුරු මහත්මිය ද එකතු වූවාය.
ඡායාරූපය – දුෂ්මන්ත මායාදුන්න