Home » වල් අලි නිසා මිනිපේ ගොවීන්ට පලතුරු වගාවත් ගඩොල් කර්මාන්තයත් දෙකම නැතිවෙලා

වල් අලි නිසා මිනිපේ ගොවීන්ට පලතුරු වගාවත් ගඩොල් කර්මාන්තයත් දෙකම නැතිවෙලා

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

හස­ලක සමූහ - ඊ.එම්.එස්. ඒක­නා­යක

“අපේ ගම්වල ගොවියා අතී­තයේ අත­මිට සරු ගොවි­යෙක් බවට පත්වී සිටියා. දැනට වසර හත අටක ඉඳලා ඒ ගොවි­යාට අති­රේක ගොවි­තැ­නින් ඉවත් වෙන්නට සිදු­වෙලා තිබෙ­නවා. මේ ගොවියා අතී­තයේ මිනිපේ දෙවෙනි පිය­වරේ හස­ල­ක­ගම හා වැල්ගාල යන ග්‍රාම නිල­ධාරි වස­ම්වල මහ­වැලි ගං ඉවුරේ ඇති සරු­සාර භූමියේ විවිධ වර්ගයේ එළ­වළු වර්ග සහ අල­බ­තල වර්ග මෙන්ම පැපොල් වැනි පල­තුරු වගා කළා. “ඒ කාළේ මට මත­කයි මහ­නු­වර ඉඳලා ලොරි­යක් එනවා. මේ නිෂ්පා­දන නුව­රට රැගෙන යන්න. පැපොල් රැගෙන යන්න විවිධ කොම්පැණි ගමට ආවා. ඒ කාලේ ගොවි­යාගේ අත­මිට බොහෝම සරු­වට තිබුණා. ඒ වගා­ව­න්ව­ලට කණ­කොකා හඬ­න්නට පටන් ගත්තේ වන­අ­ලියා ගමට කඩා වැදිලා මේ භව භෝග විනාශ කරන්න පටන් ගත්තට පස්සෙයි.”

දිගින් දිග­ටම පව­තින අලි මිනිස් ගැටුම හේතු­වෙන් ස්වයං රැකි­යා­වන් ලෙස ගඩොල් නිෂ්පා­දන කර්මා­න්තයේ යෙදෙන අයට සහ අති­රේක ආදා­යම් මාර්ග වශ­යෙන් එළ­වළු හා පල­තුරු වගාවේ නියුතු ගොවි­යාට එම කට­යුතු කර ගෙන යෑමේ ගැට­ලු­වක් පව­තින බව මිනිපේ ගොවි ජන­ප­දයේ අලි මිනිස් ගැටුම හමුවේ අස­රණ වූ ගොවියෝ පව­සති.

හස­ලක සහ මහි­යං­ගණ ප්‍රදේ­ශ­වල නිෂ්පා­ද­නය කරනු ලබන ගඩො­ල්ව­ලට පිට ප්‍රදේ­ශ­වල ඇත්තේ ඉහළ ඉල්ලු­මකි. මේ නිසා ජන­ප­දයේ කන්නයේ වී වගා­වන් අව­සන් වූ පසු මහ­වැලි ගංගාවේ ඉවුර ආස­න්නයේ ගොඩ ඉඩම් හිමි ගොවි­යන් බොහෝ දෙනකු අම­තර ආදා­ය­මක් උපයා ගැනීම සඳහා තම පවුලේ සාමා­ජි­ක­යින් ද සම්බන්ධ කර­ගෙන සුළු වශ­යෙන් ගඩොල් නිෂ්පා­දන කර්මා­න්තයේ නිර­තවේ. ඇතැම් ගැමි­යන් මහ­වැලි ගංගාවේ ඉවුරු ඉඩ­ම්වල පල­තුරු සහ එළ­වළු වගා­වන් කරනු ලබයි. මෙය ඔවුන්ගේ ආර්ථි­ක­යට ශක්ති­යකි.

බොහෝ ගැමි­යන් ද මෙම කර්මා­න්ත­ක­රු­වන්ගේ,  ගොවි­යන්ගේ අත් උද­ව්ක­රු­වන් ලෙස සේවය කර දෛනික මුද­ලක් උපයා ගනු ලබයි. මෙම අම­තර ආදා­යම ඔවුන්ගේ පවු­ල්වල නඩ­ත්තු­වට මහත් ප්‍රයෝ­ජ­න­යකි. එහෙත් මේ ආදා­ය­මට සහ කට­යු­තු­ව­ලට වන­අ­ලියා හරස් වී සිටින බව ගොවියෝ පව­සති.

හස­ලක,  ඩී. පහ සහ හයේ ඇළ ගොවි සංවි­ධා­නයේ සභා­පති ආර්.ඒ.සී. රාජ­ක­රුණා මහතා “මේ ප්‍රදේ­ශයේ බොහෝ දෙනකු වී වගා කිරි­මෙන් පසු තම ගොඩ ඉඩ­ම්වල සුළු වශ­යෙන් ගඩොල් නිෂ්පා­ද­නය කරනු ලබ­නවා. මේ සුළු කර්මා­න්ත­ක­රු­වන් දහ­වල් කාලයේ නිෂ්පා­ද­නය කරනු ලබන ගඩොල් වියළා ගැනීම සඳහා එම ස්ථාන­යේම පාත්ති (වැටි වශ­යෙන්) සකස් කර තබනු ලබ­නවා. වියැ­ළුණු ගඩොල් ගොඩ ගසා තබ­නවා. මහ­වැලි ගංගාවෙ ඉවුර දෙපස ප්‍රදේ­ශ­වල නිත­රම වන­අලි රංචු පිටින් ගැව­සෙ­නවා. දිවා කාලයේ මහ­වැලි ගංගාවේ කුඩා කැළෑ රොද­වල රැඳී සිටින වන­අ­ලියා රාත්‍රි කාලයේ ගම්වැදි ගමේ ගෙව­තු­වල තිබෙන භව භෝග කා විනාශ කර­නවා. එම සතා මෙම ගඩොල් නිෂ්පා­ද­නය කර තිබෙන ස්ථාන­ව­ලද ගැව­සීම හේතු­වෙන් වියළා ගැනී­මට බිම තබා තිබෙන ගඩොල් අලි­යාට පෑගීම නිසා ඇතැම් දින­වල බිම අතුරා තිබූ මුළු නිෂ්පා­දන තොග­යම අලි­යට පෑගිලා විනාශ වෙනවා. මේ නිසා ගඩොල් නිෂ්පා­ද­නය කර අත මිට සරු කර­ගත් ගැමි­යාට මෙන්ම මේ නිෂ්පා­දන ආශ්‍රි­තව කම්ක­රු­වන් වශ­යෙන් සේවය කරන අය­ටත් තම රැකි­යා­වන් අහිමි වෙන තත්ත්ව­යක් තමයි අලියා ගම්වැ­දී­මෙන් සිදු වෙන්නේ. ගැමි­යාගේ අත­මිට සරු වෙන මේ නිෂ්පා­ද­න­යට පව­තින ගැට­ලු­වට විස­ඳු­මක් ලබා දෙන්නැයි අපි අදාළ අංශ වෙතින් ඉල්ලා සිටි­නවා.”

හස­ලක,  ඩී හතේ ඇළ,  ගොවි සංවි­ධා­නයේ සභා­පති බී.ජී. කපි­ල­රත්න බණ්ඩා මහතා – “සම­හර ගොවියෝ තමන්ගේ ගෙදර අයගේ කන­කර ආභ­රණ උකස් කරලා තමයි වගා­වන් කරන්නේ. ඉතා දුක් මහ­න්සි­යෙන් කරන මේ වගාව ගමට කඩා වදින වන­අ­ලියා එක රැයෙන් එක පැයෙන් විනාශ කර දම­නවා. මේ හේතුව නිසා අපේ ගොවියා එළ­වළු වගා­වෙන් පල­තුරු වගා­වෙන් ඉවත් වෙන්න තීර­ණය කළා. අද මේ ගැමි­යාට ජීව­ත්වෙන්න අනුන්ගේ සරණ පතන්න සිදු­වෙලා. මේ ගම්ව­දින වන­අ­ලියා පලවා හරින්න වන­ජීවී එකේ අය දිවා රාත්‍රි වෙහෙ­සෙ­නවා. ගමේ ගොවියා ළඟ­ටම ඇවිල්ලා ඔවුන්ට අවශ්‍ය අලි­වෙඩි ලබා දෙනවා. ජංගම මුර සංචා­ර­යන් කර­නවා. ඒක ප්‍රශං­ස­නී­යයි. නමුත් ලද සැණින් මහ­වැලි ගඟේ ඉන්න අලියා ගමට කඩා වදි­නවා. මේ අලියා පලවා හරින්න අපි මොන ක්‍රම යෙදු­වත් අලියා පන්නන එක හරිම අමා­රුයි. ගමෙන් අලියා ගියත් ගමට පහ­ළින් ගලා බසින මහ­වැලි ගංගාවේ තියෙන කුඩා ලඳු කැළෑ­වල මේ අලියා දිවා කාලයේ රැඳී සිටි­නවා. ඒ වගේම රජ­යට මතක් කිරී­මක් කරන්න ඕනේ. ගඟ­යාය ගමත් මහ­වැලි ගඟත් අතර වන­අලි කර­දර නිසා වගා නොකර අත්හැර දමාපු ඉඩම් ගණ­නා­වක් තිබෙ­නවා. මේවා දැන් ලඳු කැළෑ බවට පත් වෙලා මේවා එළි පෙහෙළි නොකි­රීම නිසා වන­අ­ලියා මේ ඉඩ­ම්වල රැඳී සිටින තත්ත්ව­යක් තිබෙ­නවා. එම නිසා මේ ඉඩම් ගැනත් යම් අව­ධා­න­යක් යොමු කරන්න වෙනවා. පසු­ගිය වසරේ හතර ඇළ ගඟ­යාය ගමේ ගැමි­යෙ­කුට සහ පාසල් ශිෂ්‍යා­ව­කට අලි­යෙ­කුගේ ප්‍රහා­ර­ය­කින් ජීවි­ත­යෙන් පවා සමු­ග­න්නට සිදු­වුණා.”

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ හස­ලක වන­ජීවී අඩවි ආර­ක්ෂක ඩබ්ලිව්.ඒ. මහින්ද විජේ­සිංහ මහතා – “මේ ප්‍රදේ­ශයේ ගඩොල් කර්මා­න්තයේ යෙදී සිටින නිෂ්පා­ද­ක­යාට සහ ගොවි­යාට සිදු­වෙන මේ ගැට­ලුව ගැන අපිත් දන්නවා. වන­අ­ලියා ගම්වැදී සිටින බවට තොර­තුරු ලද වහාම අපි එම ප්‍රදේ­ශ­යට ගිහිල්ලා අලියා ඒ ප්‍රදේ­ශ­යෙන් ඉවත් කිරී­මට පිය­වර ගන්නවා. අනෙක තමයි වන­අලි නිතර ගැව­සෙන ප්‍රදේ­ශ­වල අපි දිවා රාත්‍රී ජංගම මුර සංචා­රක සේව­යක් ආරම්භ කර තිබෙ­න­වාට අම­ත­රව,  අලියා පලවා හරි­න්නට ගැමි­යන්ට අවශ්‍ය අලි­වෙඩි ඔවුන්ගේ ගම­ටම ගිහිල්ලා ලබා දෙනවා. ග්‍රාමීය කමිටු පිහි­ටු­වලා ගම්ව­දින අලියා පලවා හරින්න අවශ්‍ය උප­දෙස් ලබා දෙනවා. ප්‍රාදේ­ශීය සභාව සහ විදු­ලි­බල මණ්ඩ­ලය සම්බන්ධ කර­ගෙන සහ පරි­ත්‍යා­ග­ශී­ලින් හරහා මෙම ගම්වල සෝලා වර්ගයේ වී දී පහන් සවි කිරී­ම­ටත් අද­හස් කර­නවා. එම නිසා මේ ගැට­ලු­වට අපිට පුළු­වන් ආකා­ර­යෙන් විස­ඳුම් ලබා දෙනවා. ගංඉ­වුර දිගේ විදුලි වැටක් ඉදි­කර තිබෙ­නවා. ඇතැම් වන­අලි මේ විදුලි වැටට හානි කර­නවා. අපි ඒ වැටත් නිතර නඩත්තු කර­නවා” යැයි පැව­සීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT