Home » ග්‍රාම­සේවා වසම් 44ක ජන­තාව දැඩි අප­හ­සු­තා­ව­ය­කට
ගොඩ­ක­වෙල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට හදිසි මරණ පරී­ක්ෂ­ක­ව­ර­යෙක් නෑ

ග්‍රාම­සේවා වසම් 44ක ජන­තාව දැඩි අප­හ­සු­තා­ව­ය­කට

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

රක්වාන - ඉන්දික සී. කුමාර

ගොඩ­ක­වෙල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට හදිසි මරණ පරී­ක්ෂ­ක­ව­ර­යකු වස­රක පමණ සිට නොමැ­ති­කම නිසා ග්‍රාම­සේවා වසම් 44 ක ජන­තාව දැඩි අප­හ­සු­තා­ව­ය­කට පත්ව ඇති බව ප්‍රදේ­ශ­වා­සීහු පවසා සිටිති.

මෙම තත්ත්වය මතුවී ඇත්තේ ගොඩ­ක­වෙල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ සේවය කළ හදිසි මරණ පරී­ක්ෂ­ක­ව­රුන් සියලු දෙනා වයස සම්පූර්ණ වීම හේතු­වෙන් විශ්‍රාම යාමෙන් පසු ඒ සඳහා මෙතෙක් කිසි­වෙකු පත්කර නැති නිසා බව ජන­තාව චෝදනා කරති.

ගොඩ­ක­වෙල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සය, රෙජි­ස්ට්‍රාර් කොට්ඨාස හය­කින් සම­න්විත අතර, ජන­ග­හ­නය අසූ පන්දා­හ­කට අධි­කය. වාර්ෂි­කව මරණ 400කට අධික ප්‍රමා­ණ­යක් සිදු­වන බවට ජන­ග­හන තොර­තු­රු­වල සට­හන්ව ඇත. එම කොට්ඨා­ස­යට සිංහල මාධ්‍යයේ හදිසි මරණ පරී­ක්ෂක තන­තුරු දෙකක් සහ දමිළ මාධ්‍ය­යෙන් මරණ පරී­ක්ෂක තන­තු­රක් අනු­මත වී ඇති බව අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ වෙබ් අඩ­වියේ සට­හන්ව ඇත.

වර්ත­මා­නයේ දී මර­ණ­යක් සිදු වූ විට කහ­වත්ත, කල­වාන, වැලි­ගෙ­පොළ යන ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට අයත් මරණ පරී­ක්ෂ­ක­ව­ර­යෙකු ගෙන්වා ගෙන එම කාර්ය සිදු­කර ගැනී­මට සිදුව ඇත. කහ­වත්ත මූලික රෝහ­ලක් බැවින් කහ­වත්ත ප්‍රදේ­ශ­යට සිටින හදිසි මරණ පරී­ක්ෂ­ක­ව­රයා කාර්ය­බ­හුල වී ඇති බවත් කහ­වත්ත ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සය ආශ්‍රි­තව වාර්ෂි­කව මරණ පන්සි­ය­ය­කට අධික ප්‍රමා­ණ­යක් සිදු­වන බවත් ජන­ග­හන තොර­තු­රු­වල සඳ­හන්ව ඇත. එබැ­වින් කහ­වත්ත කොට්ඨා­සය ආශ්‍රි­තව සේවය කරන මරණ පරී­ක්ෂ­ක­ව­රුන් ඒ සඳහා යොදවා ගැනීම ප්‍රායෝ­ගි­කව දුෂ්කර වී ඇත. මරණ පරී­ක්ෂ­ක­ව­රයා සම්බන්ධ කර ගැනී­මද ගැට­ලු­වක් වී ඇත. වෙනත් ප්‍රදේ­ශ­ය­කින් මරණ පරී­ක්ෂ­ක­ව­ර­යෙකු ගෙන්වා ගැනීම සඳහා මළ ගිය පුද්ග­ල­යාගේ ඥාතීන්ට විශාල කාල­යක් හා ශ්‍රම­යක් වැය කිරී­මට සිදුව ඇත.

රක්වාන ප්‍රදේ­ශය ආශ්‍රි­තව මුස්ලිම් ජන­තාව බහු­ත­ර­යක් ජීවත් වන අතර, ඔවුන්ගේ ආග­මික ඇද­හිලි අනුව පැය 24 ඇතු­ළත මළ සිරු­රක් භූම­දා­නය කළ යුතුය. නමුත් පව­තින ගැට­ලුව හේතු­වෙන් එකී කාල­සී­මාව තුළ මළ සිරු­රක් භූම­දාන කිරී­මට ඇති හැකි­යාව අවම මට්ට­ම­කට පත්ව ඇත.

ගොඩ­ක­වල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සය ආශ්‍රිත ප්‍රාදේ­ශීය රෝහල් දෙකක්, වතු රෝහල් දෙකක්, ආයු­ර්වේද රෝහ­ලක් පවතී. රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ පැර­ණි­තම රෝහල් ත්‍රිත්ව­යෙන් එකක් වන රක්වාන රෝහ­ලද ඒ අතර වේ. එබැ­වින් මෙම රෝහල් ආශ්‍රි­තව හා නිවෙස් තුළ වාර්ෂි­කව පුද්ග­ල­යන් මිය­යෑම් සැල­කිය යුතු ප්‍රමා­ණ­යක් සිදු­වන බැවින් ප්‍රදේ­ශ­වා­සීන් පව­සන්නේ පුර­ප්පා­ඩුව පව­තින තන­තුර සඳහා කඩි­න­මින් පුද්ග­ල­යන් බඳවා ගන්නා ලෙසයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT