Home » හඳ­පා­න්ගොඩ ආයු­ර්වේද වෛද්‍ය මධ්‍ය­ස්ථා­නය ජනතා අයි­ති­යට

හඳ­පා­න්ගොඩ ආයු­ර්වේද වෛද්‍ය මධ්‍ය­ස්ථා­නය ජනතා අයි­ති­යට

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

ඉංගි­රිය මධ්යම සමූහ - ප්රිය­ද­ර්ශනී කහ­වල

ඉංගි­රි­යට නුදුරු හඳ­පා­න්ගොඩ ප්‍රදේ­ශයේ ජන­තා­වට මහත් අඩු­පා­ඩු­වක්ව පැවති නොමි­ලයේ පැවැ­ත්වෙන ආයු­ර්වේද ප්‍රජා වෛද්‍ය මධ්‍ය­ස්ථා­න­යක් පසු­ගි­යදා විවෘත කෙරිණි.

හඳ­පා­න්ගොඩ ග්‍රාම­යෙ­හිම පිහිටි නිවෙ­සක හිමි­ක­රුව සිට මේ වන­විට ජීව­තුන් අතර නොමැති පුද්ග­ල­ය­කුට පින් පිණිස ඔහුගේ ඥාති­ව­ර­යකු විසින් මෙම ආයු­ර්වේද මධ්‍ය­ස්ථා­නය පව­ත්වා­ගෙ­න­යාම සඳහා අවශ්‍ය ගොඩ­නැ­ඟිල්ල පරි­ත්‍යාග කර තිබීම විශේ­ෂ­ත්ව­යක් වන අතර, “පී. අයි­ඩින් අනු­ස්ම­රණ ආබා­ධිත පුන­රු­ත්ථා­පන සහ ආයු­ර්වේද වෛද්‍ය මධ්‍ය­ස්ථා­නය” ලෙස එය නම් කර තිබේ.

ආයු­ර්වේද දෙපා­ර්ත­මේ­න්තුවේ අධී­ක්ෂ­ණය යටතේ මෙම සාය­නය ක්‍රියා­ත්මක වන අතර, 623ඒ හඳ­පා­න්ගොඩ නැඟෙ­න­හිර වැඩි­හිටි සමි­තිය මඟින්, ආරෝග්‍යා පද­නමේ සභා­පති තල­ප­ත්පි­ටියේ පුඤ්ඤා­ලෝක සහ අධ්‍යක්ෂ ජන­රාල් අරි­ය­ධම්ම හිමි­ව­රුන්ගේ අනු­ශා­සනා මත ජනතා අයි­ති­යට පත්කි­රීම සිදු­විය. ඉංගි­රිය ප්‍රාදේ­ශීය ලේකම් නිසං­සලා පෙරේරා මහ­ත්මි­යගේ උප­දෙස් පරිදි, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිල­ධා­රිනී අසංගි ප්‍රනාන්දු සහ උද­ය­කාන්ති යන අයගේ සම්පත් දාය­ක­ත්ව­යෙන්, සංව­ර්ධන නිල­ධාරි (දේශීය වෛද්‍ය) නිමේෂා කාරි­ය­ව­සම් සහ හඳ­පා­න්ගොඩ නැඟෙ­න­හිර ග්‍රාම නිල­ධාරී බී.සී. කුඩා­වි­තා­රණ ඇතුළු නිල­ධා­රීන්ගේ එක­තු­වෙන් මෙම වැඩ­ස­ට­හන සංවි­ධා­නය කර තිබූ අතර, ඉංගි­රිය සමථ මූල මණ්ඩ­ලයේ සභා­පති වසන්ත කරු­ණා­රත්න සහ සමාජ සේවා අංශයේ සියලු නිල­ධා­රීන්ගේ සහ­යෝ­ගය ඊට හිමි­විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT