Wednesday, March 26, 2025
Home » සංවර්ධන අපේක්ෂා ජයගන්න ලංකාවට JICA – JFTC සහයෝගය

සංවර්ධන අපේක්ෂා ජයගන්න ලංකාවට JICA – JFTC සහයෝගය

by chanaka
March 13, 2025 6:58 am 0 comment

පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද්ධතිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සහාය ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායනයේ (JICA) සහ ජපාන සාධාරණ වෙළෙඳ කොමිසමේ (JFTC) සහාය පළ වී තිබේ.

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ එම ආයතනයන්හි නියෝජිතයන් ඊයේ(12) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේදීය.

වෙළෙඳාම තුළ සාධාරණත්වයක් ඇති කිරීමෙන් පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා වන බවත් එමඟින් රට තුළ තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය වන බවත් නියෝජිත පිරිස මෙහිදී පෙන්වා දුන්හ.

විශේෂයෙන් ජපානය ලබා ඇති ආර්ථික දියුණුවට මෙම තරගකාරී වෙළෙඳ ප්‍රතිපත්තිය ඉවහල් වූ ආකාරය පෙන්වා දුන් නියෝජිත පිරිස පාරිභෝගික අයිතිවාසිකම් දිනා දීමට මෙන්ම නවෝත්පාදන සම්බන්ධයෙන් එහි දායකත්වය පැහැදිලි කළහ.

ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ඉහළ තලයකට ඔසවා තබමින් සාධාරණ වෙළෙඳාමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳ මෙවර අයවැයෙන් ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බව මෙහිදී පැවසූ ජනාධිපති ලේකම්වරයා එම සැලසුම් පිළිබඳවද නියෝජිත පිරිස දැනුවත් කළහ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) වෙනුවෙන් ටෙට්සුයා යමාඩා (Tetsuya YAMADA), අරිසා ඉනාඩා (Arisa INADA), යූරි හොරිටා (Yuri HORRITA) , නාමල් රැළපනාව, ජපන් සාධාරණ වෙළඳ කොමිසම වෙනුවෙන් (JFTC) වයි. සකුමා (Y. Sakuma) , වයි. අසහිනා (Y. Asahina), වයි. ෆුකුෂිමා (Y. Fukushima), එම්. ටකුචි (M.Takeuchi) යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT