Wednesday, March 26, 2025
Home » ජපන් රැකියා සඳහා පුහුණු සංචිතයක්

ජපන් රැකියා සඳහා පුහුණු සංචිතයක්

by chanaka
March 13, 2025 7:28 am 0 comment

ජපානය සඳහා ලැබී ඇති හා ඉදිරියේදී ලැබීමට නියමිත රැකියා ඇණවුම් අතුරින් ඉදිකිරීම් හා සාත්තු සේවා යන ක්ෂේත්‍ර සඳහා පුහුණු සංචිත සැකසීමේ අරමුණෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් 10වැනිදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ජනවාරි 24 දින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් පවත්වනු ලැබූ ජපන් රැකියා දැනුවත් කිරීමට සහභාගි වූ අයදුම්කරුවන් අතුරින් අවශ්‍ය සුදුසුකම් සපුරාලන ලද තරුණ තරුණියන්, කාර්යාංශයේ ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කරන ලද තරුණ තරුණියන් හා කාර්යාංශයේ රැකියා බැංකුවේ ලියාපදිංචි රැකියා අපේක්ෂිතයින් මේ සඳහා සහභාගී විය.

එහිදී, සුදුසුකම්ලත් රැකියා අපේක්ෂිතයන් අතරින් සාත්තු සේවා ක්ෂේත්‍රය සඳහා පුහුණු ලාභීනියන් 26 දෙනෙකු, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා පුහුණුලාභීන් 16 දෙනෙකු සහ විශේෂිත නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ හෙඳ සත්කාරක ක්ෂේත්‍රය සඳහා තෝරාගත් 6 දෙනෙකු පෙර විගමණික පුහුණුව සඳහා යොමු කරන ලදි.

ජපන් භාෂා ප්‍රවීණතාවය වැඩි දියුණු කිරීම සහ ජපානයේ ජීවන රටාව, සංස්කෘතිය පිළිබඳව දැනුවත් කිරීම, ශාරීරික යෝග්‍යතාව වැඩිදියුණු කිරීම මෙම පෙර විගමණික පුහුණු වැඩසටහන තුළින් බලාපොරොත්තු වේ. එමගින් ජපානයේ රැකියා සදහා සරිලන භාෂාමය, කායික හා මානසික යෝග්‍යතාවයෙන් හෙබි කාර්යක්ෂම, විනයගරුක පුහුණුලාභීන් පිරිසක් ජපානයට යොමු කිරීමට අපේක්ෂා කරන අතර ඒ ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන යහපත් ප්‍රතිචාර මෙන්ම රැකියා අවස්ථා වැඩිකර ගැනීමටද අපේක්ෂා කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT