Wednesday, March 26, 2025
Home » ආනයනික තීරුබදු වැඩි බවට ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට දොස්

ආනයනික තීරුබදු වැඩි බවට ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට දොස්

by sachintha
March 13, 2025 4:08 pm 0 comment

ආනයනික භාණ්ඩවලට තීරුබදු ඉහළ දමන බවට අමෙරිකානු කොන්ග්‍රසයේදී ප්‍රකාශ කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු නිෂ්පාදනවලට ඉන්දියාව ආනයනික තීරුබදු ඉහළ නැංවීම දැඩි විවේචනයට ලක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය දෙවැනි ධුර කාලයේ පළමුවරට කොන්ග්‍රසය අමතා සිය වෙළෙඳ ප්‍රතිපත්තිය, තීරුබදු සහ ආයෝජන ප්‍රතිපත්තිය පිළිබඳ පැයකුත්, මිනිත්තු 39ක දීර්ඝ කතාවක් සිදු කළ ජනාධිපතිවරයා ඉන්දියාව විසින් අමෙරිකානු භාණ්ඩ සඳහා ඉහළ තීරුබදු අය කිරීම අතිශය අසාධාරණ බව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

‘ඉන්දියාව අපට අතිවිශාල තීරුබදු පනවා තිබෙනවා. මේ විදිහට ඔබට කිසිම දෙයක් ඉන්දියාවට අලෙවි කරන්න බෑ.’ අමෙරිකානු භාණ්ඩවලට තීරුබදු ඉහළ නැංවීමට කටයුතු කරන රටවලට ලබන අප්‍රේල් මාසයේ සිට අමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා අධික තීරුබදු ගෙවීමට සිදුවනු ඇතැයි ද ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ. අමෙරිකාවෙන් ආනයනය කරනු ලබන මෝටර් රථ, කෘෂිකාර්මික නිෂ්පාදන සහ ඉලෙක්ට්‍රොනික උපකරණවලට ඉන්දියාව ඉහළ තීරුබදු අය කිරීම දීර්ඝ කාලයක් පුරා මතභේදයට ලක්වී ඇති අතර, එය දෙපාර්ශ්වය අතර නිදහස් වෙළෙඳාමට බාධාවක් බවට අමෙරිකාව චෝදනා එල්ල කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT