Wednesday, March 26, 2025
Home » විශ්වාසභංග යෝජනාවකින් පෘතුගාලයේ අගමැති පරදී

විශ්වාසභංග යෝජනාවකින් පෘතුගාලයේ අගමැති පරදී

by sachintha
March 13, 2025 4:09 pm 0 comment

පෘතුගාලයේ සුළුතර රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාවකින් අගමැති ලුයිස් මොන්ටිනිග්‍රෝ පරාජයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රජය විසින්ම සිය අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ පෞද්ගලික ව්‍යාපාර කටයුතු සම්බන්ධව එරට විපක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානමින් සිටියදී බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. විශ්වාසභංග යෝජනාවෙන් අගමැතිවරයා ඡන්ද 142-88කින් පරාජයට පත්වීම හේතුවෙන් සුළුතර රජය විසුරුවා හැර අතුරු මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපති මාර්සිලෝ රෙබේලෝ පියවර ගනු ඇතැයි වාර්තා වේ. ලබන මැයි මාසයේදී පැවැත්වෙනු ඇතැයි අනාවැකි පළ වී ඇති පෘතුගාලයේ මහමැතිවරණය වසර 3ක් ඇතුළත එරට තුන්වැනි මහමැතිවරණය වනු ඇතැයි ද වාර්තා වේ.

අගමැතිවරයා විසින් හිමිකාරීත්වය දරනු ලබන ව්‍යාපාරික සමාගමක් උපයා ගත් වත්කම් සම්බන්ධව විපක්ෂයේ දැඩි විවේචන එල්ල වී තිබූ අතර, එම සමාගම සිය බිරියගේ බව ප්‍රකාශ කරමින් අගමැතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි. එහෙත් සමාගමේ හිමිකාරිත්වය බිරියට පැවැරීමේ නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් ද විපක්ෂය ප්‍රශ්න කර තිබු බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT