Saturday, May 10, 2025
Home » විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල 2ක් පතරොම් 143ක් වැලිවිට පාළු ළිඳකින් හමුවෙයි

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල 2ක් පතරොම් 143ක් වැලිවිට පාළු ළිඳකින් හමුවෙයි

by sachintha
March 13, 2025 4:11 pm 0 comment

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල 02ක්, රිවොල්වරයක් සහ පතරොම් 143ක් කඩුවෙල වැලිවිට පල්ලිය පාර ප්‍රදේශයේ පාළු ළිඳක තිබී කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් පෙරේදා (11) සොයාගෙන තිබේ. වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව පෙරේදා (11) කඩුවෙල පොලිස් වසමේ වැලිවිට පල්ලිය පාර ප්‍රදේශයේදී කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදී මේ ගිනිඅවි සහ පතරොම් සොයාගෙන ඇත. මේ ගිනිඅවි සහ පතරොම් වැලිවිට පල්ලිය පාර ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක ඇති අඩි 45ක් පමණ ගැඹුරු ජලය පිරුණු පාළු ළිඳක පතුලේ පොලිතින් උරවල ඔතා තිබියදී සොයාගත් බව පොලීසිය පවසයි. සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැති අතර කඩුවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

රක්ෂණ ශ්‍රියන්ත – බණ්ඩාරගම සමූහ බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT