Wednesday, March 26, 2025
Home » අනුරාධපුර රෝහලේ සිදුවූ අපරාධයට ඇල්ලූ සැකකරු නීතිය ඉදිරියට පමුණුවනවා

අනුරාධපුර රෝහලේ සිදුවූ අපරාධයට ඇල්ලූ සැකකරු නීතිය ඉදිරියට පමුණුවනවා

-ඇමැති ආනන්ද විජේපාල

by sachintha
March 13, 2025 4:50 pm 0 comment

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අපරාධයක් සිදුකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු නීතිය ඉදිරියට පමුණුවා අදාළ කටයුතු කිරීමට සියලු විධිවිධාන සලසා තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්ත කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) ප්‍රකාශ කළේය.

අදාළ සැකකරු ගල්නෑව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ තැනැත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙසේද පැවසීය.

අනුරාධපුර රෝහලේ සිදුවූ අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇතිවෙලා තිබුණා. ඒ ගැන මේ ගරු සභාවේදී ප්‍රශ්න කරනු ලැබුවා. මා ඒ අවස්ථාවේ මේ සභාවට දැනුම් දුන්නා පොලිස් කණ්ඩායම් පහක් එම සැකකරු අත්අඩංගුවට ගැනීමට යොදවලා තිබෙනවා කියලා. දැන් මම මේ සභාවට දැනුම් දෙන්න කැමතියි මීට සුළු වෙලාවකට පෙර එම සැකකරු ගල්නෑවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපි ඊයේ දින පොරොන්දු වුණා වගේම ඔහුව නීතිය ඉදිරියට පමුණුවා අදාළ කටයුතු කිරීමට සියලු විධිවිධාන සලසා තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT