ආබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ පහසුකම් සහිත නොච්චියාගම ආපදා සහන මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ජනතා අයිතියට පත් කිරීම පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ගංවතුර ඇතුළු ස්වභාවික ආපදා තත්ත්වයන්වලදී නොච්චියාගම සහ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 1900ක පමණ ජනතාව අතරින් විශාල පිරිසක් තාවකාලිකව මෙම ස්ථානයට යොමු කෙරෙන අතර එහි දී ආබාධ සහිත ජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් ක්‍රිස්ටියන් බ්ලයින්ඩ් මිෂන් සහායෙන් ජනතාක්ෂන් ආයතනය රුපියල් මිලියන 4.5ක මුදලක් යොදවා මෙම ප්‍රතිසංස්කරණය කර තිබේ. රජයේ කාර්යාලවලට පහසුවෙන් ප්‍රවේශ වීමට නොහැකි නිසා ආබාධ සහිත ප්‍රජාව විශාල දුෂ්කරතාවන්ට පත්වන බවත් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවා මෙම අඩුපාඩුව පවතින බවත් දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසයි. මේ වනවිට ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් පාර්ලිමේන්තු නියෝජනයක් පවා පවතින බවත් මෙය ඉතා යහපත් තත්ත්වයක් බවත් කී දිස්ත්‍රික් ලේකම්වරයා ආබාධ සහිත ජනතාව ක්‍රීඩා අංශයෙන් රටට විශාල ජයග්‍රහණ අත්කර දී තිබෙන බව ද අවධාරණය කළේය.
ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමෙන් සාමාන්‍ය මිනිස්සුන්ට වගේම ඉදිරියට ඒමට හැකියාව, දක්ෂතාව ආබාධ සහිත ප්‍රජාව සතු යැයි ද ඒ මහතා පවසා සිටියේය.
මෙම අවස්ථාවට ජනතාක්ෂන් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජානක හේමතිලක මහතා ඇතුළු පිරිසක් ද සහභාගි විය.
අසේල කුරුළුවංශ