කේක් ඇතුළු ආහාර වර්ග ඇසිරීමට මලකඩ බැඳුණු තැටි භාවිතා කිරීම ඇතුළු චෝදනා පහකට අධිකරණය ඉදිරියේ වරද පිළිගත් කාන්තාවකට බදුල්ල මහේස්ත්‍රාත්වරයා රුපියල් 25,000.ක දඩ මුදලක් නියම කළ අතර අදාළ වැරදි නිවැරදි කොට වාර්තාවක් ඉදිරිපත් කරන තෙක් රුපියල් 10,000 ක ශරීර ඇපයක් මත ඇය මුදාහැරීමට ද නියෝග කෙරිණි. මෙසේ දඩ මුදල් හා ඇප නියම කෙරුණේ මීගහකිවුල නගරයේ කේක් වෙළෙඳසලක් පවත්වාගෙන යනු ලබන මීගහකිවුල, අකුරුකඩුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකටය.
මීගහකිවුල මහජන සෞඛ්‍ය පරීක්ෂක තිමිර ධනංජ නිශ්ශංක සහ මීගහකිවුල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්. ජයකුමාර් යන මහත්වරුන් විසින් සිදු කරන ලද වැටලීමකට අනුව වෛද්‍ය සහතිකයක් නොමැතිව ආහාර පරිහරණ කටයුතු සිදු කිරීම, අපිරිසුදු ලෙස ආහාර පරිහරණ ආයතනයක් පවත්වාගෙන යාම, එම ආයතනය තුළ මැස්සන් පාලනයට නිසි ක්‍රමවේද භාවිත නොකිරීම, ආහාර ඇසිරීමට මලකඩ බැඳුණ තැටි භාවිතය ඇතුළු චෝදනා 5 ක් යටතේ සැකකාරියට එරෙහිව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි.
හාලිඇළ සමූහ- ආර්.එම්. විජේරත්න