Home » කෝණේෂ්වරන් කෝවිල පිටුපස කඳු මුදුනේ ගල් දෙබොක්කාවක සිර වූ මළ සිරුරක් ගොඩගනී

කෝණේෂ්වරන් කෝවිල පිටුපස කඳු මුදුනේ ගල් දෙබොක්කාවක සිර වූ මළ සිරුරක් ගොඩගනී

by sachintha
March 13, 2025 4:10 pm 0 comment

කෝණේෂ්වරන් කෝවිල පිටුපස කඳු මුදුනේ සිට පහළ ගල් දෙබොක්කාවක සිරවී මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් පෙරේදා (11) ගොඩට ගැනීමට කටයුතු කළ බව ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය සිවපුරි, පදිංචි 37 හැවිරිදි මොහොමඩ් අස්වර් නමැත්තෙකි. ගල් දෙබොක්කාවේ සිරවී මියගොස් සිටි මෙම පුද්ගලයා සම්බන්ධයෙන් කෝවිල් පාලනාධිකාරිය ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසියට කළ දැනුම්දීමෙන් පසුව පොලීසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. දැඩි පරිශ්‍රමයකින් පසු කඹ ආධාරයෙන් මීටර් පහළොවක් පමණ ප්‍රපාතයට බැස මළ සිරුර ඉහළට ගැනීමට පොලීසියට සිදුව ඇත.

මෙම මරණය හදිසි අනතුරකින් සිදු වූවක් ද නැතිනම් සිය දිවිනසා ගැනීමක් ද යන්න පිළිබඳව ත්‍රිකුණාමල මූලස්ථාන පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ත්‍රිකුණාමලය විශේෂ

ඒ.ටි.එම්. ගුණානන්ද අමරජීව

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT