බෙන්තොට, මිරිස්වත්ත ද්විතීයික පාසලේ ජනමාධ්‍ය ක්ෂේත්රයට ඇල්මක් දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා විද්‍යාලයීය ‘මිණිසර’ මාධ්‍ය ඒකකය සංවිධානය කළ ජනමාධ්‍ය පුහුණු එක්දින ළමා වැඩමුළුවක් පසුගියදා (10) එම විදුහලේදී පැවැත්විණි.
මෙම වැඩමුළුවේ දේශන හා ප්‍රායෝගික වැඩසටහන් පැවැත්වූ ප්‍රවීණ ගුවන්විදුලි නිවේදක, මාධ්‍යවේදී වසන්ත රෝහණ, විදුහල්පති රුවන් කෝට්ටගේ, වැඩමුළුවේ සම්බන්ධීකාරක බෙන්තොට ජනමාධ්‍ය සංසදයේ ලේකම් හා හිටපු ග්‍රාම නිලධාරී රංජිත් ආරියදාස, වැඩමුළුවේ අනුග්‍රාහක දායකත්වය ලබා දුන් සසේන් හෝල්ඩින්ස්, ආයතනයේ සාමාන්‍යාධිකාරි ගයාන් සිරිමාන්න, සහකාර විදුහල්පති හා මාධ්‍ය ඒකකය භාර ගාමිණී මහකුමාර හා සෙව්වන්දි කුලසේකර යන මහත්ම මහත්මීහු වැඩමුළුවට සහභාගී වූ සිසු සිසුවියන්ට පුහුණු සහතික ප්රදානය කළහ.
ඌරගස්මන්හංදිය – අයි. ජයරත්න
බෙන්තොට – එස්. මද්දෙවිතාන