Home » වෙඩි ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමකින් කැලිෆෝනියාවේ ළමා රෝහලක් හිස් කරයි

වෙඩි ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමකින් කැලිෆෝනියාවේ ළමා රෝහලක් හිස් කරයි

by thanushika
March 14, 2025 12:00 pm 0 comment

අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ ළමා රෝහලකට ආයුධ සන්නද්ධ පුද්ගලයකු ඇතුළුවූ බවට ලැබුණු දුරකතන ඇමතුමක් අනුව එම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි සියලු දරුවන් සහ කාර්ය මණ්ඩලය ඉවත් කර පූර්ණ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව පොලිසිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝමා ලින්ඩා නමැති එම ළමා රෝහලේ දරුණු වෙඩි තැබීමක් සිදුවීමට ආසන්න බවට කිසිවකු විසින් පොලිසියට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බවත්, සෝදිසි මෙහෙයුමෙන් එවැනි කිසිදු තර්ජනයක් හෙළි නොවූ බවත් දකුණු කැලිෆෝනියා ශෙරිෆ් කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

වෙඩි තැබීමක් හෝ කිසිවකු තුවාල ලැබීමක් සිදුවී නැති බවත්, සැක කටයුතු කිසිදු පුද්ගලයකු එහි නොසිටි බවත් ශෙරිෆ් කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළ බව වාර්තා වේ. එය ව්‍යාජ දුරකතන තර්ජනයක් බව හෙළිවීමෙන් පසු දුරකතන ඇමතුම දුන් පුද්ගලයා සොයා ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT