ට්‍රම්ප් පරිපාලනය විවේචනය කිරීම හේතුවෙන් අමෙරිකාවේ දකුණු අප්‍රිකානු තානාපති ඉබ්‍රහිම් රසූල් රටින් නෙරපා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුට අමෙරිකාවෙන් පිටවීමට පැය 72ක කාලයක් ලබාදී ඇතැයි ද වාර්තා වේ. දකුණු අප්‍රිකානු තානාපතිවරයා තවදුරටත් අමෙරිකාවට අවශ්‍ය නැති බව එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කර ඇති අතර, දකුණු අප්‍රිකානු තානාපතිවරයා අමෙරිකාවට සහ ජනාධිපතිවරයාට වෛර කරන දේශපාලනඥයකු බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. දකුණු අප්‍රිකානු තානාපතිවරයා අමෙරිකාවෙන් නෙරපා හැරීම නිල වශයෙන් සිදුවී ඇති බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ද තහවුරු කර ඇතැයි වාර්තා වේ.
ට්‍රම්ප් පරිපාලනය විවේචනය කළ දකුණු අප්‍රිකානු තානාපති අමෙරිකාවෙන් නෙරපයි
by damith
March 17, 2025 1:09 am
0 comment
263
මීලඟ පුවත