Home » පුංචි ඡන්දෙට වියදම කෝටි 800ක්

පුංචි ඡන්දෙට වියදම කෝටි 800ක්

by damith
March 17, 2025 4:04 pm 0 comment

මැද කොළඹ සමූහ ආරි­ය­රත්න ගනේ­ගොඩ සහ මලිඳු තෙන්න­කෝන්

ඉදි­රි­යේදී පැවැ­ත්වී­මට යෝජිත පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී මේ වන­විට කොළඹ මහ­න­ගර සභාවේ අපේ­ක්ෂක අපේ­ක්ෂි­කා­වන් කිහිප දෙනෙකු පුර­පති ධුර­යට තරග කිරී­මට අපේ­ක්ෂා­වෙන් සිටින බව කොළඹ මහ නගර සභාවේ දේශ­පා­ලන ආරං­චි­මාර්ග සඳ­හන් කරයි.

පොදු­ජන එක්සත් පෙර­මු­ණින් හිටපු නාග­රික මන්ත්‍රිනි දීපා එදි­රි­සිංහ මහ­ත්මිය ද, ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණේන් හිටපු ඇමැ­ති­ව­ර­යකු වන අරු­න්දික ප්‍රනාන්දු මහතා ද, සමගි ජන බල­වේ­ග­යෙන් හිටපු ඇමැ­ති­ව­ර­යකු වන එරාන් වික්‍ර­ම­රත්න මහතා ද, ජාතික ජන බල­වේ­ග­යෙන් කැලී බල්ත­සර් මහ­ත්මි­යද, එක්සත් ජාතික පක්ෂ­යෙන් හිටපු නග­රා­ධි­ප­තිනි රෝසි සේනා­නා­යක මහ­ත්මිය ද, සර්ව ජන බලය පක්ෂ­යෙන් එහි මාධ්‍ය ලේකම් හසන් අලා­ල්සින් මහතා ද පුර­පති අපේ­ක්ෂ­ක­ත්ව­යට මෙවර තරග කරති.

මේ අතර පළාත් පාලන ඡන්ද­යට රුපි­යල් කෝටි 800 ක්, හෙවත් රුපි­යල් බිලි­යන 8ක් විය­දම් වන බව මැති­ව­රණ කොමි­සමේ සභා­පති ආර්.එම්.එල් රත්නා­යක මහතා පව­සයි. යෝජිත පළාත් පාලන ඡන්ද­යට, ජන­ප­ති­ව­ර­ණ­යට වඩා ඡන්ද

දාය­ක­දා­යි­කා­වන් එක් ලක්ෂ‍ ­ප­නස් පන්ද­හස් නව­සිය හැත්තෑ හයක් (1,55,976) ඡන්දය ප්‍රකාශ කිරී­මට සුදු­සු­කම් ලබා ඇති බව සඳ­හන් කරයි . පසු­ගිය කාල­යේදී ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඡන්ද ප්‍රකාශ කිරී­මට සුදු­සු­කම් ලැබූ ඡන්ද දාය­ක­දා­යි­කා­වන්ගේ සංඛ්‍යාව වූයේ එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හත­ළිස් දහස් තුන්සිය පනස් හතර (1,71,40,354) කි.

එහෙත් මෙවර පළාත් පාලන ඡන්ද­යට, ඡන්දය සඳහා එක්කෝටි හැත්ත දෙලක්ෂ අනූ හය­ද­හස් තුන්සිය තිහක් (1, 72, 96, 330) සුදු­සු­කම් ලැබූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT