මහරගම නගර සභාවේ කසළ ප්රවාහනය සඳහා නගර සභාව සතු වාහන තිබියදී පෞද්ගලික ආයතන දෙකකින් කුලී පදනම මත ලබා ගත් වාහන සඳහා රුපියල් හාරකෝටි හැටලක්ෂ අනූඅටදහස් හයසිය හැත්තෑනවයක මුදලක් 2024 වසරේදී පමණක් ගෙවා ඇතැයි මහරගම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න මහතා පැවසීය.
මහරගම නගර සභාව මෙම මුදල ගෙවා ඇත්තේ පෞද්ගලික ආයතන දෙකකින් ලබා ගත් වාහන 14ක් සඳහා බව පැවසේ. ඉන් එක් ආයතනයකින් වාහන 11ක් ලබාගෙන ඉන් වාහන 7ක් කරදියාන කසළ අංගණයට ද, අනෙත් වාහන 4 කෙරවලපිටිය තාප බලාගාරයට ද කසළ ප්රවාහනය කොට ඇති බවත්, ඒ සඳහා පිළිවෙළින් රුපියල් 27,211,000ක් හා රුපියල් 10,377,279.13ක් ගෙවා ඇති බවත්, අනෙක් ආයතනයෙන් ලබා ගත් වාහන 3 සඳහා රුපියල් 85,10,400ක මුදලක් ගෙවා ඇති බවත් හිටපු මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.
මන්ත්රීවරයා සඳහන් කළේ, තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම තොරතුරු අනාවරණය කරගත් බවයි. තොරතුරු දැනගැනීමේ පනත යටතේ කිසියම් තොරතුරක් ඉල්ලා සිටි අවස්ථාවක දින 14ක් ඇතුළත එම තොරතුරු ලබා දිය යුතු වුවත් මේ සම්බන්ධයෙන් ඉල්ලා සිටි වැඩිදුර තොරතුරු දින 45ක් ඉක්ම ගොස් ඇතත් මේ දක්වා ලබා දීමට නගර සභා බලධාරීන් අපොහොසත් වී ඇත්තේ ඔවුන්ගේ අක්රමිකතා තවදුරටත් අනාවරණය වන නිසා බවද මන්ත්රීවරයා වැඩිදුරටත් කීය.