Friday, May 2, 2025
Home » හොරට ගෙනා රට අරක්කු-කර­ද­මුංගු ගුව­න්තො­ටු­පො­ළෙන් පන්නන්න හදලා

හොරට ගෙනා රට අරක්කු-කර­ද­මුංගු ගුව­න්තො­ටු­පො­ළෙන් පන්නන්න හදලා

ග්‍රෑන්ඩ්පාස්හි ව්‍යාපා­රි­කයා මාට්ටු

by damith
March 17, 2025 4:07 pm 0 comment

කටු­නා­යක - ටී.කේ.ජී. කපිල

රුපි­යල් ලක්ෂ 10ක් වටිනා විදේශ මත්පැන් බෝතල් 41ක් සහ කර­ද­මුංගු කිලෝ­ග්‍රෑම් 25ක් නීති­වි­රෝධී ලෙස මෙර­ටට රැගෙ­න­විත් කටු­නා­යක

ගුව­න්තො­ටු­පො­ළෙන් පිට­ක­ර­ගෙන යමින් සිටි ගුවන් මගි­යකු පසු­ගිය 13 දින රාත්‍රී ගුව­න්තො­ටු­පොළ පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබිණි. මොහු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේ­ශයේ පදිංචි 29 හැවි­රිදි ව්‍යාපා­රි­ක­යෙකි. ඉන්දි­යාවේ කොචින් නුවර සිට ශ්‍රීල­න්කන් ගුවන් සේවයේ යූ.එල්.- 168 දරන ගුවන් යාන­යෙන් කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණ තිබූ මෙම පුද්ග­ලයා

ගුව­න්තො­ටු­පොළ සිය­ලුම පරී­ක්ෂණ නිමවා ගුවන් තොටු­පො­ළෙන් පිටව යමින් සිටි­යදී මෙම අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු කර තිබුණි.

ශ්‍රී ලංකා­වට අව­ස­ර­ය­කින් තොරව කර­ද­මුංගු ආන­ය­නය කිරීම තහ­නම් වන අතර, විදේ­ශීය මත්පැන් රැගෙන ඒමේදී ද එම දීම­නාව ඇති ගුවන් මගීන්ට පම­ණක් ලීටර් 2.5ක ප්‍රමා­ණ­යක් ගුවන් තොටු­පො­ළෙන් රැගෙන යෑමට අව­ස­රය හිමිව තිබේ. මෙසේ අත්අ­ඩං­ගු­වට ගත් භාණ්ඩ තොගය සමඟ ඒවා රැගෙන ආ ගුවන් මගියා වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා කටු­නා­යක ගුවන් තොටු­පොළ රේගු නිල­ධා­රීන් වෙත භාර දීමට පිය­වර ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT