Monday, May 5, 2025
Home » මියන්මාර සයිබර් අපරාධ මධ්‍යස්ථානවල සිටි තවත් ලාංකිකයින් 14ක් බේරා ගැනේ

මියන්මාර සයිබර් අපරාධ මධ්‍යස්ථානවල සිටි තවත් ලාංකිකයින් 14ක් බේරා ගැනේ

by chanaka
March 18, 2025 12:40 pm 0 comment

මියන්මාරයේ, මයාවාඩිහි සයිබර් අපරාධ මධ්‍යස්ථාන වල බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු බේරාගෙන තිබේ.

ඒ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් සහ මියන්මාරයේ සහ තායිලන්ත රජයේ ද සහාය ඇතිවය.

මෙම ශ්‍රී ලාංකිකයන් 14 දෙනා අද (18) ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීමට නියමිත බව වාර්තා වේ.

ජාවාරමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සහ ආරක්ෂිතව නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා මියන්මාර සහ තායිලන්ත රජයන් ලබා දුන් සහාය අගය කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

විදේශ රැකියා සොයන විට මිනිස් ජාවාරම් යෝජනා ක්‍රම සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව සිටින ලෙස ද අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

ඒ අනුව මුදා ගැනීමට නියමිත සෙසු ලාංකිකයින් සංඛ්‍යාව 4 කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT